
(ඩයනා උදයංගනී)
මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සැලසීමේ නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව, කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (30) පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දීය.
ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණය ක්‍රියාත්මක වූ 1977 ට පෙර මැතිවරණ වියදම් නියාමනය කර ගැනීමට අවශ්‍ය නීති රීති තිබුණ ද, සමානුපාතික මැතිවරණ ක්‍රමයත් සමඟ එකී නීතිරීති මැතිවරණ පොතට ඇතුළත් වී නොමැති බව අමාත්‍යවරයා කීවේය.
සිවිල් සංවිධාන, හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ මේ සම්බන්ධව විශාල හඬක් නැඟීම සිදු කළ බවත්, 2017 වසරේ එවකට පැවති කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබූ මෙම නීති සම්බන්ධ ඉදිරි පියවරක් ලෙස මෙම කැබිනට් පත්‍ර ඉදිරිපත් කළ බව ද අලහප්පෙරුම මහතා කියා සිටියේය.
මේ වන විට ඉන්දියාව, ඇතුළු බොහෝ රටවල් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීති රීති ද පනවා ඇතැයි කී ඇමතිවරයා මැතිවරණ වියදම් පාලනය සඳහා නීති සම්පාදනය කිරීමෙන් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා මෙන්ම අසීමිතව වියදම් කිරීම වැළක්වීමට පිටුවහලක් ලැබෙනු ඇතයිද පැවසීය.
COMMENTS
aa.. ayi mokada desi achchige malla dan his welada? paga dila chande ganna salli nadda?
ඉතාමත් හොඳ දෙයක්. දැන් තියන මැතිවරණ දූෂණ වලින් 25%ක් වත් සිදුවන්නේ ඔය මගඩි නිසා. ගොඩක් අය සල්ලි අරන් ඡන්දයට වියදම් කරන්න දුන්නා කියනවා. බැඳුම්කර සිද්ධියට අදාළව ඇලෝසියස්ගෙන් මිලියන ගණන් ගත්තු ඔක්කොම කිව්වේ ඡන්දෙ කරන්න සල්ලි ටිකක් දුන්නු නිසා ගත්තා කියලා. ඩඩ්ලි සිරිසේන දෙතුන් පැත්තටම දෙන බවක් අහලා තියෙනවා. ඕවා නිසා තමයි හොර ගුහා තවත් හැදෙන්නේ... පොඩි මිනිහාට මහණ මැෂින් එහෙම දුන්නෙත් ඔය සල්ලි වලින් තමයි. නමුත් ඒ නිසාම හොරඡන්ද දාන අයත් බිහිවුණා. ඒ නිසා ඔය ඡන්ද වියදම් අඩු කිරීමත් කරලා පඳුරක් ගානේ ඉන්න පිස්සන් ඡන්දය ඉල්ලීමත් අඩු කරවන්න. ඒකත් අන්තිමට බොරු බරක්...