(හර්ෂණ තුෂාර සිල්වා)
චීනයට ගිය චීන සේවකයන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම නිසා චීන ආධාර යටතේ කෙරෙන ඇතැම් ව්‍යාපෘති ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (5) ප්‍රකාශ කළේය.
ආසන්න වශයෙන් ඇස්තමේන්තු කළ විට 8,000කට ආසන්න චීන සේවකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල නිරත වී සිටින බවත් චීන නව අවුරුදු උදාව සඳහා චීනයට ගිය චීන ජාතිකයන් නැවත නොපැමිණීම එම ව්‍යාපෘති ප්‍රමාද වීමට හේතුව බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම කරුණු සඳහන් කළේය.
කෝවිඩ් 19 යනුවෙන් හැඳින්වෙන නව කොරෝනා වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් අතර මේ වනවිට රටවල් 80කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ.
කොරෝනා වයිරසයේ බලෑමත් ඒ නිසා ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වන චීනයට කර ඇති පුළුල් බලපෑමත් නිසා සෘජුවත් සහ කොරෝනා වයිරසය නිසා සිදුව තිබෙන ගෝලීය ආර්ථිකයේ වර්ධන වේගය අඩුවීම නිසා වක්‍රාකාරවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ල වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
නව කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වන නිශ්චිත බලපෑම රඳා පවතිනුයේ මෙම වයිරසය ගෝලීයව කොතරම් ව්‍යාප්ත වන්නේ ද එම ව්‍යාප්තිය කොතරම් කාලයක් පවතීද සහ ඒවාට ලොව ප්‍රධාන ආර්ථික සහ වෙළෙඳ හවුල්කරුවන් හා පාර්ශවකරුවන් දක්වන ප්‍රතිපත්තිමය ප්‍රතිචාර යන සාධක මත යැයි ද මහ බැංකුව කීවේය.
මෙම වයිරසය ව්‍යාප්ත වීම ගෝලීය වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් දක්වා වර්ධනය වීමත් එය වසංගතයක් බවට පත්වීමට පවතින හැකියාව හේතුවෙන් මේ වසරේදී ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම කෙරෙහි සැලකිය තර්ජනයක් කර ඇතැයි ද එම බැංකුව ප්‍රකාශ කළේය.
පාරිභෝගික, අන්තර් සහ ආයෝජන භාණ්ඩ ආනයන සැලකිය යුතු ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව, චීනය සමඟ පවත්වන ආර්ථික සබඳතා සෘජුවම බලපෑම් ඇතිවිය හැකි බව මහ බැංකුව ප්‍රකාශ කළේය.
ගෝලීය ආර්ථිකයේ ඇති වීම පසුබෑම සහ සැපයුම් දාමයට ඇතිවන බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයනවලට මෙන්ම ඒ හා සම්බන්ධ සැපයුම්දාමවලට ද බලපෑම් ඇති විය හැකි බව මහ බැංකුව සඳහන් කළේය.
COMMENTS
Reply To:
-
වැඩ ප්‍රමාද වුණාට කමක් නැහැ. වැඩ ඉක්මන් කරන්න ගිහිල්ලා කොරෝනා ගෙනාවොත් ඔක්කොම වැඩ අවසන්...
නිකන් දුන්නොත් කොරෝන වෛරස් උනත් ගන්නවා. කොන්දේ බැඳපු චීන්නුත් මේක දන්නවා. ගමේ ගිය චීන්නු කොරෝන ගෙනවිත් සැහෙන ගණන් වලට අපේ මෝඩයන්ට විකුනාවී.
චීන්නු 8000 ක් ? අපේ රටේ ගැහැණු පිරිමි මැදපෙරදිගට විකුණලා ඒ සල්ලි වලින් විදේශිකයෝ රටට ගෙනත් රස්සාවල් දෙනවා. අපේ අම්මල පිටරට බැල මෙහෙවර කරද්දී ඔවුන්ගේ දරු පවුල් විනාශවෙලා සියදිවි හානි කරගෙන රටේ දහසක් ප්‍රශ්න. අඩුම තරමේ මේ කාන්තාවෝ පෙදරේරු, වඩු, විදුලි කාර්මික වැනි පුහුණුවක් දීලා ඒ වැඩ වලටත්, ත්‍රිරෝද රථ සහ බස් රියදුරු කොන්දොස්තර වැඩ වලටත් යොදවලා ඔය ත්‍රිරෝද සහ බස් කොන්දොස්තර මල්ලිලා මේ වගේ වැඩ බිම්වල රැකියා දුන්නනම් පවුලත් රැකෙනවා රටත් රැකෙනවා.
ණය ගෙවගන්නවත් සල්ලි නැහැ කියා කියා මේ චීන අය ගෙන්නාගෙන කොරෝනා බෝ කරගත්තොත් මිනිස්සුන්ට නිකන් මැරෙන්න තමියි වෙන්නේ
ඔය අය වෙනුවෙන් ලංකාවේ සේවකයින් ආදේශ කරන්න බැරි මොකද? අපේ අය වැඩ නොකලොත් හිරේ දැම්මත් කමක් නැහැ. ඉස්සරවෙලා වැඩට ගන්න ඕනනේ.
චීනේ මේසන් බාස් මෙහෙ සිවිල් ඉංජිනේරු. එහෙමයි වැඩ...