(ටී.කේ.ජී.කපිල)

චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා දෙදින නිල සංචාරයක් සදහා අද රාත්‍රීයේ  මෙරටට පැමිණියේය.

වෑන් යී මහතා සමග දූත පිරිස ලෙස 18 දෙනෙක් පැමිණියහ.

ඔවුහු චීනයේ බෙයිජිං නුවර සිට විශේෂ ගුවන් යානයෙන් රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූහ.

දූත පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත ක්‍රීඩා සහ යෞවන කටයුතු , ඩිජිටල්කරණය අමාත්‍ය නාමල් රාජපක්ෂ , සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍යය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරු පැමිණ සිටියහ .