IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


'චීන පොහොර නැවට ගෙවිය යුතු මුදල වරද කළ අයගෙන් අය කරගනන'

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජූලිගේ)

චීන පොහොර නැව වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදල වරද කළ පුද්ගලයන්ගෙන් අය කරගත යුතු බවත්, එය රටක් ලෙස ජනතාව විසින් ගෙවිය යුතු නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රට තුළ දැඩි ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ගෙවීමක් කරන්නට සිදුවීම රටට විශාල පාඩුවක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය වගකිවයුත්තන්ගෙන් අයකරවීම වෙනුවෙන් පක්‍ෂයක් ලෙස කළ හැකි සියල්ල කරන බව ද සඳහන් කළේය.

ආණ්ඩුව කරන හැමදේම හරි කියා පිළිගන්නට සූදානම් නැතැයි කී දයාසිරි ජයසේකර මහතා වැරදි දේ වැරදියි කියන්න බයවෙන්නේත් නැතැයි කීවේය.

පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ පක්‍ෂ මූලස්ථානයේදී අද (15) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොහොර අර්බුදය නිසා රටට වී ඇති විනාශය අද සියලු දෙනාම අත්දකින බව කී ජයසේකර මහතා කෘෂිකර්ම ඇමතිවරයා ගත් තීන්දුව නිවැරදි වුවත් එය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ගොස් විනාශයක් සිදුව ඇතැයි පැවසීය.

මේ වන විට වගාවන් සම්පූර්ණ විනාශ වී අසුවනු අඩු වෙමින් ඇති බවත්, නිවැරදිව කළ කාබනික පොහොර වගාවන් පවා මෙයින් විනාශ වන බවත් හෙතෙම සඳහන් කළේය



අදහස් (9)

'චීන පොහොර නැවට ගෙවිය යුතු මුදල වරද කළ අයගෙන් අය කරගනන'

siri Wednesday, 15 December 2021 03:34 PM

හිතේ ඇති...!

:       0       16

kamal Wednesday, 15 December 2021 04:05 PM

පාඩුව වෙන්නේ ණයකරය නිකුත් කළ බැංකුවටයි. ගෙන්නපු සමාගමේ වයස දවස් 01 යි. සමාගමේ කිසිම වස්තුවක් අපයට තියාගෙන නෙමෙයි, ණයකරේ නිකුත් කරලා තියෙන්නේ. මේ ගොල්ලෝ දන්නවා, නමුත් බබා පාට් දානවා අපිට කොකා පාන්න.

:       1       95

පැරකුම්Wednesday, 15 December 2021 05:05 PM

ඒක තමයි කියන්නේ අදාල නිලධාරීන්ට, බලධාරීන්ට දඬුවම් කරන්න කියලා...

:       0       82

සන්ක Wednesday, 15 December 2021 06:06 PM

මෙයාට ආණ්ඩුවේ තාන්නමාන්න මුකුත් ලැබුන්නැති නිසා බොරුවට ජනතාවගේ පැත්තට කතාකරනවා.අපි රැවටෙයි ඕවාට.

:       0       2

ඇත්ත Wednesday, 15 December 2021 06:19 PM

මේ ප්‍රධාන කණ්ඩායම් දෙක කවදාවත් රටේ නීතිය සැමට සමානව ස්ථාපනය කරන්න උනන්දු වී නැහැ. මේ අය තම කණ්ඩායම්වල අයට නිදහසේ ජනතා මුදල් බැංකුවලින් පවා නිදහස් කල අවස්ථා අතීතයේද වී තිබෙනවා. මේ රට හැදෙන්න වෙනම කණ්ඩායමක් අවශ්‍යයි.

:       0       4

kapila Wednesday, 15 December 2021 06:21 PM

ඔය ගෙවීම් වලට තමා පිටරට කඹුරන උදවිය රටට ඩොලර් එවන්ට ඕනේ.

:       0       3

Ratne Wednesday, 15 December 2021 08:06 PM

(මහින්දා) නන්ද (සේන) සහ ඌවෙන් පැමිණි රාජපක්ෂ මෙම මුදල් ගෙවීම කළ යුතුමයි.

:       0       4

fairoos Wednesday, 15 December 2021 08:08 PM

ආණ්ඩුවෙන් ඉවත්වී විරෝධය පළකරන්න බැරිද? නිකන් පච විතරයි.. සර් ෆේල්...

:       0       3

ජන හඩ Thursday, 16 December 2021 06:22 AM

. මොකද කිව්වොත් අනුමත පරීක්ෂාවට පෙර නැව මෙතනට ඇවිත් තියෙන්නෙ කොමිස් ගැහීමේ අධිෂ්ඨානය හින්ද කියල පොඩි ළමයෙකුටත් තේරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 663 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site