(ටී.කේ.ජී.කපිල)
මහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික චෙන් මයිනර් මහතා ඇතුළු 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දින තුනක නිල සංචාරයක් සඳහා අද (17) කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම පිරිස චීනයේ බෙයිජිං නුවර සිට විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණියහ.
මොවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd