IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


චීන ජනපති වූහාන් නුවරට

චීන ජනපති ෂී ජින්පින් මහතා, කොරෝනා වයිරසය ආරම්භ වූ බවට සැලකෙන වූහාන් නුවරට අද (10) පැමිණියේය. වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තවීම ආරම්භ වීමෙන් පසු ජනපති එහි පැමිණි පළමු අවස්ථාව මෙය විය.

වයිරසය පාලනය කිරීම වෙනුවෙන් කෙරෙන කටයුතු සොයාබැලීම සහ මේවනවිට බීජිං නුවර, වයිරසය පාලනය කර ඇති බව දැන්වීම සඳහා ෂී ජින්පින් මහතා එහි පැමිණි බව වාර්තා වේ.
 
චීනය හුබෙයි පළාතේ ආසාදිතයන් සංඛ්‍යාව අඩුම අගයක් (19) වාර්තා කළ අද දිනයේදී ජනපති එහි පැමිණි බව චීන මාධ්‍ය සඳහන් කර තිබිණි.
 
චීනයේ 80,754 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, පුද්ගලයන් 3,136 ක් මිය ගොසිනි.
 
ජනපතිවරයා වූහාන්හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකටද පැමිණියේය. දින 10ක් ඇතුළත නිම කළ රෝහලට ද පැමිණි චීන ජනපතිවරයා එහි පහසුකම්, රෝගීන්ට කරන ප්‍රතිකාර, වෛද්‍ය සේවකයන්ගේ සෞඛයාරක්ෂිත කටයුතු මෙන් ම විද්‍යාඥයන්ගේ පර්යේෂණ සම්බන්ධවද සොයාබැලීය.
 
ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පවසා තිබුණේ, ජනපතිවරයාගේ පැමිණීම සමස්ත රටට මෙන්ම ලෝකයට ම බලවත් සංඥාවක් ලබාදුන් බවය, වයිරසයේ ලෝක ව්‍යාප්තිය සම්බන්ධයෙන් අඳුරුතම මොහොතෙන් චීනය දැන් නැගී සිටිමින් පවතින බවය.
 
චීන ජනපති ෂී ජිනපින් මහතා රෝහලේ කාර්ය මණ්ඩලයට සහ රෝගියකු සමඟ සුහද කතබහක නිරත වන වීඩියෝවක්ද මාධ්‍යය නිකුත් කර තිබිණි.
 
ජනපතිවරයා කොයිතරම් කාලයක් වූහාන් නගරයේ රැඳී සිටීද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

(බීබීසී ඇසුරිනි)

16844
 



අදහස් (1)

චීන ජනපති වූහාන් නුවරට

Amula Tuesday, 10 March 2020 06:02 PM

ඔන්න ජනාධිපතිලා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 322 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 421 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site