ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (02) සඳහන් කළේය.
සැබෑ මිත්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලදී යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික මහජනාතවගේ තත්ත්වය තමන් සහ තම කාර්යාලය හොඳින් තේරුම් ගෙන ඇති බවත් ඒ අයුරින්ම ශ්‍රී ලාංකිකයන් ද චීනයේ තත්ත්වය තේරුම් ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.
චීනයේ වගකීම් සහගත බව චීන රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් හොඳින් පෙනී යන බවත් ශ්‍රී ලාංකිකයන් එය තේරුම් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු කීය.
චීන තානාපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“අපි අවසානයේදී කොහොමහරි මේ වසංගතය පරාජය කරනවා. අපි ආපසු හැරී බැලූවාම අපට මතක තියෙන්නේ අපට උදව් උපකාර කරපු අයගේ මුහුණු. අපි දිරිගන්වපු අය.
අපට උණුසුම් දෑත් දිගු කළ පිරිස. අප බලාපොරොත්තු වෙන්නෙත් එයයි. ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කර සහ අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දුන්නාම චීන ජනතාව කළේ ද එයයි.
පහුගිය දින කිහිපයේදී චීන තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයට ශ්‍රී ලාංකික මිතුරන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබුණා. අපේ ශ්‍රී ලාංකික මිතුරන් අප දිරිගැන්වුවා. මේ අවස්ථාවේදී එය අපට ඉතා විශාල දෙයක්. එය ඉතාම උණුසුම් සහ අපට මහත් ආශීර්වාදයක්. එය අපේ හිත්වල ආදරය සහ අනුකම්පාව උපදවනවා.
වගකීම් සහගත සහ ප්‍රධාන රටක් ලෙස කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට චීනය පියවර රැසක් ගෙන තිබෙනවා.
ඒ බොහෝමයක් ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව හුබෙයි පළාතේ වැසියන්ට ශ්‍රී ලංකාවට නොඑන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ වගේම සැකකටයුතු සිදුවීම්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම් මෙන්ම කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ද අපි අපේ ජාතිකයන්ට දැනුම් දී තිබෙනවා. ඒ වගේම අනෙක් පළාත්වල පිරිස් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා නම් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු අනිවාර්යයෙන්ම දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ද අපි දැනටමත් අවශ්‍ය උපදෙස් දී තිබෙනවා.
වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මුදාගැනීම සඳහා අපි අපේ පූර්ණ සහයෝගය ලබාදුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා බලධාරීන් ද අදාළ පියවර සහ ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බව අප සිහිපත් කරනවා.
ඒ වගේම ශ්‍රී ලාංකාවේ මහජනතාව රජයේ උපදෙස් පිළිපදිමින් සමාජ සම්මතය ආරක්ෂා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”.
ඬේලිමිරර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සංවේදී සටහනක්....මේ බලන්න ..."...අපි අවසානයේදී කොහොමහරි මේ වසංගතය පරාජය කරනවා. අපි ආපසු හැරී බැලූවාම අපට මතක තියෙන්නේ අපට උදව් උපකාර කරපු අයගේ මුහුණු. අපි දිරිගන්වපු අය. අපට උණුසුම් දෑත් දිගු කළ පිරිස. අප බලාපොරොත්තු වෙන්නෙත් එයයි. ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කර සහ අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දුන්නාම චීන ජනතාව කළේ ද එයයි...." අපේ රටේ තිබුන මිනිස්කම කියන ලෝකයේ උතුම්ම චර්යාවට මොකද වුනේ. අපේ මිනිස්කම් නැත්තටම නැතිකළේ බල ලෝභී හොර දුෂිත දේශපාලුවන්... ඒගැන ලියලා මේ පිටුව පුරවන්න අවශ්‍ය නැහැ.
සැබෑ මිත්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලදී අන්න කතාව
ලංකාව චීන කොලනියක් කරන්න තීරණ දුන් අය දැන් නිහඬයි. මතකනේ කිව්ව දේවල්. ණය දෙනවා නම් කොන්ත්‍රත්තුවත් චීනේටම දීලා ඒ රටේ අයගෙන් වැඩෙත් කරගන්න එකේ වරද මොකක්ද කියලා. අපේ කරුමේ.
ඉතාම සංවේගාත්මක ආයාචනයක්. ඇත්තටම අපි ඊළාම් යුද්ධය කරද්දී ඉන්දියාව, එංගලන්තය, ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් දෙමල ඩයස්පෝරාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවට යුධ සහ අනෙකුත් පහසුකම් සැපයීම අතහැර දැමුවා. යුද්ධේ නවත්වන්න මාර ට්‍රය් එකෙක් දැම්මා. ඒ ගොල්ලන්ගේ යුධ නැව් ගෙනල්ලා ලංකාව අවට මුහුගේ නැංගුරම් දැම්මා. අන්න ඒ අවස්ථාවේ මේ පුංචි රට තනි නොකර හිටියේ චීනය, රුසියාව, පකිස්ථානය සහ චෙක් ජනරජය විතරයි. විශේෂයෙන්ම චීනය සහ රුසියාව ඒගොල්ලන්ගේ නිශේධ බලය යොදවලා අපේ ලංකාවට විරුද්ධව ගෙන ආපු එක්සත් ජාතිගේ යෝජනා පවා පරාජය කරලා තියනවා. එතුමා කියනවා වගේ මේ වෙලාවේ සැබෑ ප්‍රතිඋපකාරය කියන්නේ ඔවුන්ට ශක්තියක් වීම මිසක ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි. අපේ සෞඛ්‍ය ගැන සැලිකිමත්වන අතරම ඔවුන්ව අනවශ්‍ය ලෙස කොන් නොකර යුතුයි.
චීනය මේ රෝගය පරාජය කරනවා සිකුරුයි. අන්න එදාට අපි ඔවුන්ගේ මුහුණ බලල කතා කරන්න ඕන විදියට වැඩ කරමු
තානාපතිතුමනී සිංහලයාට මේ ගති තිබෙනවාය. අපිට දියුණු වීමට බැරි එක හේතුවක් ඕක. නැතිනම් මේ අය රාජපක්ෂලාගේ ලැම්බෝගිනි බලන්න ආණ්ඩු පෙරලයිද?
මේක හරිම සංවේදී කතාවක්. ඇත්තටම ලංකාවේ කොරෝන "ගෝනිබිල්ලා මැව්වේ " මාධ්‍ය විසින්. දැනට ලංකාවේ ඉන්න ප්‍රධානතම වසංගත රෝග වෛද්‍යවරයෙක් වන ආනන්ද විජේ වික්‍රම මහත්තයා ලෙඩුන් පරීක්ෂාවේදී නොපළඳින මුක ( මේ බව එතුමාම ඉරිදා ලංකාදීපයට කියල තිබුනා) ආවරණ මේ ඊනියා සමාජ මාධ්‍ය මිනිස්සුන්ට දැම්මා. දාලා අනියත බියක් ඇතිකරා. උනේ ඕකයි. චීනය ඇත්තටම අපට අමාරු වෙලාව උදව් නොකලානම් අද මෙරටේ උතුර පාලනය කරන්නේ ගෝඨාභය නොවේ ප්‍රභාකරන්
දුකේදීත් සැපේදීත් අප සමග සිටින සබැ මිතුරෙක් ලෙස චීනය හැදින්විය හැකියි. මේ දුෂ්කර අවස්ථාවේ අපගේ ද සහාය ඒ මිතුරාට ලබා දිය යුතු බව අපගේ ද අදහසයි.
ශ්‍රී ලංකාවේ බහුතර බෞද්ධයන්ගේ බෞද්ධකම බොහෝදුරට දකින්න ලැබෙන්නේ ශ්‍රී පාද වන්දනාවේදී සහ මැතිවරණයකදී පමණි.
දැන් ලංකාවේ නඩු අහන්නෙත් මුහුණු පොතෙන්. බෙහෙත් දෙන්නෙත් මුහුණු පොතේ ඔස්තාර්ලා
අපිට ආදරේට මෙහෙ ඇවිත් නැහැ. පරිස්සම් වෙමු.
වැරදි වටහා ගැනීමක්. චීනය ලංකාවට කරලා තියෙන හරිය හොදින් තේරුම් ගන්න. මහරජාණන් අල්ලාගෙන රටට උහුලන්න බැරි තරමට නය දීලා, දැන් අපේ රටේ නායකයොත් සාමාන්‍ය ජනතාවත් චීන්නු කියන විදියට නටන්න ඕනේ. හොදින් මතක තියාගන්න මේ චීන මිනිස්සු වැඩ කරන්න ලංකාවට ගෙන එම කවදාහරි ලොකු ප්‍රශ්ණයක් වෙනවා. හරියට ඉන්දියාවෙන් වතු වැඩ වලට දෙමල මිනිස්සු ගෙනල්ලා කරගත්ත විනාසයට එහා ගිය එකක්
කලිනුත් ලිව්වා වගේ කොරෝනා වසංගතය එන්න ඉස්සෙල්ල ඩෙංගු වලින් අපේ රටේ මිනිස්සු දරුවෝ ඉස්පිරිතාලවලට ගෙනියලත් මැරුණා. මිනිස්සු වුනහම ලෙඩ හැදෙනවා. අනික හරියටම තාම දන්නෙත් නැහැ මේ වෛරසය පටන් ගත්තේ කොතනින්ද කියලා. ඇමරිකාව වගේ රටවල් චීනෙත් එක්ක පහුගිය දවස්වල ලොකු ආරෝවක් තිබ්බ. සමහර රටවල පෝස්ටර් ගහලා තියෙනවා ඔවුන්ට යන්න කියලා. නමුත් සිංහල අපි බොහොම හිත හොඳ මනුස්සකම තියෙන සංවේදී ජාතියක්. කරදරෙකදී ලෙඩ දුකකදී අපි අහක බලන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ ගිලනුන්ට උපස්ථාන කිරීමේ වැදගත්කම බොහෝ තැන්වල කියල තියෙනවා.
අප චීනය සමග සිට ගත යුතුය.
ගුණයක් නෙති මිනිසුන් වෙන්න එපා, අපි උතුම් බුදු දහම අදහන දේශයක්
මේක මනුෂ්‍යකමේ ප්‍රශ්නයක් නෙමේ. ඔබතුමන්ලා සතියෙන් රෝහලකුත් හැදුවා. එහෙත් අපේ පාලකයෝ එහෙම අය නෙමේ. එයාලට අසනීප උනහම පිටරට ගිහින් බෙහෙත් ගන්නවා. අපේ රටේ රෝහල් වල ඉඩ නැහැ. වෛද්‍යවරු වර්ජන කරනවා. මිනිස්සු බහුතරය දුප්පත්. අනික මේ වයිරසයට මෙතෙක් බෙහෙත් හොයාගෙන නැහඒ නිසා මිනිස්සු අසරණයි. අපි චීනය සමග තරහ තරහ නැහැ. නමුත් අපි අසරණයි.
ලෙඩක දුකකදී අප කිසිවෙකු කොන් කරන්නේ නම් අපගේ හැදියාවන් හොදින් ඉස්මතු වෙනු ඇත. අපට බෝවෙන රෝගයක් සැදුනු අවස්ථාවක වෙන කෙනෙක් අපව ප්‍රතික්ෂේප කරන්නේ නම් අපට ඇතිවෙන මානසික හැගීම කුමක්ද යන්න අපිම සිතා බලමු.
මම කියන්නේ පාර්ලිමේන්තුවේ 225ම කොරෝනා ලැබේවා කියලයි. අපිව කොටවන්නේ නැතිව...
චීනේ අපට උදව් කලේ අපට අාදරේකට නොවේ.., පසුගිය කාලේ නිමකරපු නොරොච්චෝලේ වැනි අසාර්ථක ව්‍යාපෘතිවලට සල්ලි ණයට දුන්නේ චීනෙන් කොන්ත්‍රාත් ගත්තේ චීන සමාගම් වැඩකලේ චීන්නු, ව්‍යාපෘති අසාර්ථක වුණත් පොලිය සමග ණය ගෙවන්න වෙන්නේ.. අපට මේ අසීරු අවස්ථාවේ ලංකාවේ සංචාරවලට එන්නේ නැතුව චීන ජාතිකයන් චීනයට වෙලා හිටියාම මේ ප්‍රශ්නේ ඉවරයිනේ.. වැරදිලාවත් ත්‍රිරෝද රථ රියදුරකුට, හෝටල් සේවකයෙකුට ඔය ලෙඩේ හැදුණොත්, සති ගණනාවක් රජයේ රෝහලක අපාදුක් විඳින්න සිදුවෙනවා. එම කාලය තුළ ඔහුට වැටුප් ගෙවන්න චීන රජයෙන් හෝ ලංකාවේ රජයෙන් ක්‍රමවේදයක් නැත. එතකොට ලීසිං වාරික ගෙවන්න. දරුපවුලට කන්න බොන්න දෙන්නේ කොහොමද? කවුරු මොනවා කිව්වත් චීනෙක් දැක්කොත් මම නම් හතර මායිමකවත් ඉන්නේ නැත.
මෙතන චීනට කඩේ යන සෙට් එක දන්නේ නැහැ තවම මේ අය ගැන. බලන් ඉන්න ලංකාවට මොකද වෙන්නේ කියලා.