IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

චීනයේ නිෂ්පාදිත ‘සිනෝෆාම්’ කොවිඩ්-19 එන්නතට හදිසි භාවිතය සඳහා අවසර ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය. ඒ සමඟ දිළිදු රටවල කොරෝනා වසංගතය අවසන් කිරීම සඳහා පහසුවෙන් එන්නත් ලබාගැනීමට අවස්ථාවක් උදා වනු ඇතැයි පැවැසෙයි.

 

සිනෝෆාම් එන්නතට අවසර හිමි වීමත් සමඟ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් බෙදාහැරීමේ ගෝලීය ක්‍රියාන්විතය වන ‘කොවැක්ස්’ වැඩසහටනට ඇතුළත් කරගැනීමට නියමිත ය.

එන්නත් සමානව බෙදාහැරීමටත් එලෙස සමානව එන්නත් බෙදීයෑම තහවුරු කිරීමටත් කොවැක්ස් වැඩසටහන ආරම්භ කර තිබේ.

ධනවත් රටවල් එන්නත් ගොඩගසා ගැනීමටත් ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාව එරට මුහුණ දී සිටින දරුණු සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් එන්නත් අපනයන නවතා දැමීමත් හේතුවෙන් එන්නත් බෙදීයෑමේ ක්‍රියාවලිය අර්බුදයකට මුහුණ පා ඇත.

අතුරු ආබාධ හේතුවෙන් ඇතැම් රටවල් එරට ජනතාවට ඇස්ට්‍රාසෙනකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ලබාදීම තාවකාලිකව නවතා දැමූ අතර එන්නත් ලබාදීමේ මාර්ගෝපදේශ ද වෙනස් කරන ලදි.

එලෙස එන්නත් ලබාදීම අත්හිටවූ රටවල් මේ වනවිට එම එන්නත් ලබාදීම නැවත ආරම්භ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරි සතියේ දී චීනයේ නිෂ්පාදිත තවත් එන්නතක් වන ‘සිනෝවැක්’ එන්නතට අවසර ලබාදෙනු ඇතැයි වාර්තා වන අතර ඒ අනුව දුප්පත් රටවලට එන්නත් ලබාගැනීමට තවදුරටත් අවස්ථාව උදා වනු ඇතැයි පැවැසෙයි.

කොරෝනා වයිරසයට එරෙහිව භාවිතයට ගැනීම සුදුසු යැයි  ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ සයවැනි ප්‍රතිශක්තිකරණ එන්නත මෙම ‘සිනෝෆාම්’ එන්නතය‍.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළේ, 'ෆයිසර්', දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරන 'එස්.කේ. බයෝ ඇස්ට්‍රාසෙනකා', ඉන්දියාවේ සේරම් ආයතනයේ 'ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' සහ 'ජැන්සන් සමාගමේ' 'ජොන්සන් ඇන්ජ් ජොන්සන්' එන්නතය.

(නිව්යෝක් ටයිම්ස්)



අදහස් (4)

චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

W J P A S Wijayathunga Friday, 07 May 2021 09:31 PM

හරිම හොදයි

:       0       0

Sri Lanka Friday, 07 May 2021 09:32 PM

නඩුත් හාමුදුරුවගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ තමා

:       0       0

Sssamarawivkrama Saturday, 08 May 2021 07:49 AM

මෙම එන්නත් භයානක බව පෙන්වා ඒවා ලබා දීම වැළැක්වීම මගින් බාධාකිරීම අධිකරණයට යාම... මාධ්‍ය හමු පවත්වා ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම මගින් අපෙක්ෂා කලේ කුමක්දැයි දැන් පැහැදිලිය. ඒ සඳහා කටයුතු කළ අය ජනතාවට සිදුකරන හානි විශාලය. මෙවැනි ජාතික උවදුරකදී මෙලෙස හැසිරීම දැන්වත් නතර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. තවද මෙවැනි අයට මෙවැනි බොරු පැතිරවීමට අවස්ථාව නොදීම ජනමාධ්‍ය වලද වගකීමකි.

:       1       9

siri Saturday, 08 May 2021 09:02 AM

මෙය ශ්‍රී ලංකාව වැනි මෙම වසංගතයෙන් දරුණු ලෙස බැටකන රටවලට ඉතාම සතුටුවියහැකි ආරංචියකි. චීන රජයට අපට අවශ්‍ය සියලුම එන්නත් ප්‍රමාණයම නොමිලයේම දෙන්නට ශක්තියක් ඇත. චීනය එවැනි පින් අතේ වැඩක් කළහොත් එය වෙනත් යටි අරමුණක් නිසා කරන්නක් ලෙස කියන එක වැරදි වැඩකි. මේ වසංගතය ආරම්භ වූ කාලයේ සියළුම උපකරණ සහිත ඇඳන් 4000 බැගින් වූ නවීන පන්නයේ රෝහල් චීනයේ ගොඩනැඟූවේය. මේ රෝහල් දැන් රෝගීන් නැතිනිසා පුස් කන බැවින් ඒවායේ ඇති නවීන උපකරණ සහ ඇඳන් ආදී සියල්ලම අපේ රටට ප්‍රධානය කර ඒවා යොදාගෙන ලංකාවේ සුදුසු ස්ථානයක නවීන රෝහල් ඉදිකරන්නටත් චීනයට පුළුවන. ඕනෑනම් චීනයටම අයිති ඉඩමක ඒවා හැදුවත් වරදක් නැත. දැනටමත් එම බඩු නැව්වල පටවා ලංකාවට එවන්නට සුදානම් කර ඇති බවට කටකතා පැතිරී ඇත. ඒ ගැන අපි සතුටුවිය යුතුයි. සමහරු එවැනි කටයුත්තක් කරන විට " ඔය චීනයට අපේ රට විකුණන එක වසන්කර චීන රජයට සුදුහුණු ගාන්න කරන උප්පර වැට්ටියක්" කියා කඩප්පුලි කතා කියන්නටද බැරි නැත. ඒ කතා ගණන්ගත යුතු නැත. මේ අවස්ථාවේ අපට අවශ්‍ය මේ මර උගුලෙන් කෙසේ හෝ අපේ රට බේරාගෙන පොරොන්දු වූ සෞභාග්‍යය කරා ඇදගෙන යාමටයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 856 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 968 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 391 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site