(ටී.කේ.ජී.කපිල )
චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළට ඊයේ (1) සහ අද (2) අලුයම පැමිණ තිබේ .
ඔවුන් අතර චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටි සිසුන් ද වන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
අද (02 ) ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් වන අලුයම 4.55 ට ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 63 ක් සහ අලුයම 5.40 ට බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් 77 ක් ද ඊයේ (01) රාත්‍රී 8.45 එයා චයිනා ගුවන් සේවයට අයත් චෙංඩු සිට පැමිණි සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් එක් අයෙකු ද සියලුම ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි .
ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පරීක්ෂා කර කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ නොවූයෙන් , ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් 14ක් බලන්න ඕන නැද්ද?
ඔවුන්ව දින 14 චොරින්ටින් කළ පසු ගියාට ප්‍රශ්නයක් නැහැ... නමුත් දැන් ඔවුන් කී දෙනෙක් අාසාදනය වෙලාද දන්නේ නැහැ.
රෝග ලක්ෂණ මතුවෙන්න දවස් 14 යනවනේ..., අඩුම ගානේ මේ ගොල්ලන්ට දවස් 14ක් යනකන් මුඛ ආවරණ දාගෙනවත් ඉන්න කියන්න. (ලෙඩේ තිබ්බොත් අනිත් අයට බෝවෙන එක අඩු කරන්න..)
සියලු දේ මාකටින් සඳහා පමණි.. විද්වතුන් රඟපාන අතර, නළුවන් විද්වතුන් මෙහෙයවයි.
එහෙනම් තව කට්ටියක් මොකටද අර දියතලාවේ යැව්වේ සති දෙකකට කියලා...
මොකක්ද මේ රටේ ප්‍රමිතිය? ගුවන් යානයක් යවා ගෙනාපු 33 දෙනා ගෑස් මුහුණු දාලා අඬබෙර ගහලා හමුදා කඳවුරකට යැව්වා. රටට බරක් නොවී චීනෙන් ආපු වීර ළමයි හොරෙන්ම ගෙවල්වලට යැව්වා. හේතුව, ආණ්ඩුවට ඒ අයගෙන් වීර නාටකයක් පෙන්නන්න බැරි නිසා සහ ප්ලේන් යවලා කරපු වීරකම බින්දුවට බහින නිසා.