
(සුජිත් හේවාජුලිගේ සහ ටී.කේ ජී කපිල)
චීන රජය ප්‍රදානය කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් සහ එන්නත් විදීමට යොදා ගන්නා සිරින්ජර ලක්ෂ16ක් දිවයිනට අද (27) උදෑසන රැගෙන එනු ලැබීය .
මෙය චීන රජය මෙරටට එකවර ප්‍රදානය කළ සයිනොපාම් එන්නත් වැඩිම තොගය බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .
මේ අනුව චීන රජය මෙරටට මේ දක්වා ප්‍රදානය කර ඇති සයිනොපාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ විසි හතක් දක්වා ඉහළ යනු ඇත.
මේ එන්නත් සහ සිරින්ජර තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ චීනයේ බෙයිජිං නුවර සිටය.
එම භාණ්ඩ රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 865දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට අද (27) උදෑසන 8ට පමණ පැමිණියේය.
එන්නත් සහ සිරින්ජර තොගය භාර ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි,කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඖෂධ නිෂ්පාදන සැපයුම් මහා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩුව හම්බන්තොට තෑගි දුන්නා චීනයට. ඒ වෙනුවට චීනයෙන් තෑගි ලැබෙනවා වගේ. යහපාලන ආණ්ඩුව කළ හොඳ දේවලුත් තියෙනවා එහෙනම්...
සී ගින් පින් ඇතුළු ඔයාලා සැමට පින්...!!!
ඉතින් ඒ අයගේ රටට ඒ අය සලකන්න එපෑයෑ...