කොරෝනා වෛරසය සෑදුණු පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනය දින දෙකක් ඇතුළත වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්‍රදේශයේ ඉදිකළ රෝහල අද විවෘත කෙරිණි.

වෛරසයෙන් ආසාධිත වූ පළමු රෝගීන් කණ්ඩායම අද එයට ඇතුළත් කරගැණිනි. හුවැන්ගැන්ග් මූලික රෝහලේ නව ශාඛාවක් ලෙස මෙය ඉදිකර තිබේ.
මෙම රෝහල ඉදිකිරීම සඳහා 500කට ආසන්න ස්වේඡා පිරිස් සහ සේවකයන් ද බර වාහන 12කට අධික ප්‍රමාණයක්ද යොදාගෙන ඇත.

සඳුදා දිනය වනවිට රෝහලේ සියලු සයන නියමිත පරිදි ස්ථානගත කර තිබූ අතර, යටිතල පහසුකම්වලින් ද සමන්විතව තිබිණි. මෙහි ප්‍රතිකාර ලබන්නන්ට නේවාසිකව රැඳී සිටිය හැකි සයන 1000ක් අන්තර්ගතය.
මේ සතිය අවසානය වනවිට වූහාන් සිට කිලෝමීටර් 75ක පමණ දුරකින් තවත් රෝහලක් සෑදීමට චීනය සැලසුම් කරමින් සිටී.
(ඩේලිමේල් ඇසුරිනි)
16844



COMMENTS
ඒකටත් හරියන්න අපේ රටේ පාලකයෝ...
විශිෂ්ඨයි.. වෛරසය සුළු වශයෙන් පැතිරී ඇතැයි සැලකුණු සමහර රටවල සෞඛ්‍ය බලධාරීන් එම වෛරසය දඩමීමා කරගනිමින් නොයෙකුත් ඉල්ලීම් දිනා ගන්න දරන උත්සාහය අතරේ තම රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ජීවිත පරිත්‍යාගයෙන් වැඩකරන ඔබලාට මගේ ආචාරය.. ඔබලාගේ සීග්‍ර ආර්ථික වර්ධනයේ රහසත් මෙයම විය හැකියි...
මේ අනුව චීනයම වැඩිකරන ලද වෛරසයක් යැයි පැවසීම සත්‍යයක් යැයි කිව හැකිද?
ඔවුන්ට අවශ්‍ය සියල දේ එහෙ තියෙනවා. අපිට වගේ ඇන මුරිච්චියේ ඉඳලා හැමදේම ආනයනය කරන්නේ නැහැ. ඉතින් ඕකයි තත්වේ...
මෙහෙ අය නම් මුලින්ම කිව්වේ අවධානමට සරිලන විශේෂ දීමනාවක් ගෙවන්න කියලා. අනේ ඉතිං රටකට ගිය කලක්..!
චීනයේ වැඩත් එහෙමයි. චීනයේ බඩුත් එහෙමයි.
ඉස්පිරිතාලේ සැලසුම හැදුවේ විනාඩි කීයෙන්ද කියන්න බැරිද?
ජනවාරි මාසයේ ඉස්පිරිතාල හදන්න නැකත් නැහැ. නැකතක් තිබුණා නම් ලංකාවේත් කොරෝනා ඉස්පිරිතාලයක් හදලා.
මේ රටේ නායකයෝ දෙවිවරු වගේ...
මෙය සත්‍යයක් විය යුතුයි. දින 02ක් තුළ මෙම ගොඩනැගිල්ල තැනිය නොහැකිය.
කොරෝනා රෝහල කියලද තියෙන්නේ.?
මේක පට්ට පල් බොරුවක්. මොනම ඉන්ජිනේරුවෙක්වත් මේ කතාව පිළිගන්නේ නෑ. හැබැයි ගමේ ආච්චිලාට කීවොත් පිළිගනීවි...
විශිෂ්ඨයි !
අගය කරමු.