යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත් වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ දැඩි විරෝධයක් පළ කර ඇතැයි ‘ද සන්ඩේ ටයිම්ස්“ පුවත්පත වාර්තා කරයි.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමටත් පෙර මෙම විරෝධතාවය ඉදිරිපත් වූ බවද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල විය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කැබිනට් මණ්ඩලයේ තීන්දු ප්‍රකාශයට පත්කිරීමත් සමගම මෙම විරෝධතාවයට මුල පිරීය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ ජනවාරි 18 වැනිදාය.
රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පැවසුවේ ඉන්දියාවේ විරෝධතාවට හේතුව එවැනි පියවරක් නිසා ආරක්ෂක ගැටළු මතු වනු ඇති බවයි. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුන ආරම්භ කෙරෙන දූපත් වන්නේ ඩෙල්ෆ්ට් දූපත, අනලතිව් දූපත සහ නයිනතිව් දූපත්ය. පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරන ලද දූපත් ඉන්දියාවේ වෙරළට ආසන්නව පිහිටා තිබේ.
ඩෙල්ෆ්ට් දූපත ඉන්දියානු වෙරළබඩ නගරයක් වන රාමේෂ්වරම් සිට කිලෝමීටර් 48 ක් දුරින් පිහිටා තිබේ.
බලශක්ති ව්‍යාපෘතියේ දේශීය හවුල්කරු වන ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ එටෙක්වින් සමාගම සමඟ හවුල් ව්‍යාපාරයක් සඳහා ඉඩම් හඳුනා ගැනීමෙන් පසුව ව්‍යාපෘතියට අදාළ කරුණු අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලැබෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙනි.
ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ව්‍යාපෘතියක් වන මෙය චීනයේ එම්.එස්. / සිනොසාර්-එටෙක්වින් හවුල් ව්‍යාපාරයට ප්‍රදානය කර තිබේ. චීන සමාගමට මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීම නිර්දේශ කරනු ලැබුවේ ප්‍රසම්පාදනය පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර කමිටුව විසිනි.
පවත්නා බලශක්ති ජාලයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා උපයෝගී කරගත හැකි බලශක්ති සම්පත් යොදා ගනිමින් දූපත් තුනෙහි දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් කැඳවන ලදී.
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.
සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප
ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි
රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත්ව තිබු ටී 56 උණ්ඩ 60 ක්, එමි 16 වර්ගයේ උණ්ඩ 06 ක් පුහුණු හිස් පතුරම් 09 ක් තියුණු කඩු 01 ක් සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
චීනයට ටෙන්ඩරය දීම ගැන ඉන්දියාව පුප්පයි
චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 07 February 2021 11:00 AM
අඬන්න ඉන්න මිනිහාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ... මට නම් හිතෙන්නේ අපේ කට්ටිය 03 වැනි ලෝක යුද්ධය ඉක්මන් කරවන්න හදනවා වගේ කියලා...
ranjith Sunday, 07 February 2021 11:31 AM
අපි ලෝකෙ හමුවේ.. මේ තරම් නිවට විය යුතුද?
නන්නාදුනන හාදයා Sunday, 07 February 2021 12:36 PM
මේ සැරේ ඉල්ලගෙනම කන්න වගෙයි. ගජබා රජ්ජුරුවෝ සොලීන් 24000ක් ලංකාවට ඉන්දියාවෙන් අල්ලාගෙන ආපු බව අපි අහලා තියෙනවා. මේ පාර ඉන්දියාවේ රිලා බබා ලංකාවෙන් 69 ලක්ෂයක්වූ බයියන්ව ඉන්දියාවට අල්ලාගෙන ගියොත් අපි මොකද කරන්නේ ...? අපි ඒ අයට ගහන්නද...? හැබැයි බයියෝ හිතන්නේ එහෙමයිලු.
Kasun Sunday, 07 February 2021 03:25 PM
පුනර්ජනනීය කියන්නේ විකුණනවාට කියන අලුත්ම නම...
mohomed Sunday, 07 February 2021 04:00 PM
චීනුන්ටත්, ඉන්දියාවටත් යුද්ධයක් එනවා ශුවර් එකටම... අපිටත් එහෙම තමයි. තව අවුරුදු 25කින් බලන්න... අපිට ආයුෂ තියෙයිද දන්නේ නැහැ.
Nihal Sunday, 07 February 2021 04:57 PM
අහිංසක අපිට නෙවෙයි ඕවා ගැන ඔයාලා එක්ක කරගත්ත අයට පුප්පන්න.
banda Sunday, 07 February 2021 06:06 PM
අසල්වැසියා සතුරු කර ගැනීමේ ප්‍රතිඵල ළඟදීම ලැබේවි...!!!
prabhashMonday, 08 February 2021 10:46 AM
ප්‍රේම කරන්න ගිහින් පරිප්පු කෑවේ...
chandima Sunday, 07 February 2021 07:31 PM
ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ නේරු තුමා බිත්තියේ බෝඩ් ලෑල්ලක එල්ලූ පමණින් ලංකාව එයාලට අයිති වෙනවා කියලා.
ලුම්බිණි Sunday, 07 February 2021 11:14 PM
කොහොම කොහොම හරි චීන්නු ලංකාව ටිකෙන් ටික ගිල ගනිමින් යනවා. බොහොම දෙනෙකුට මේක තේරෙන්නේ නැති එකයි පුදුමේ...
badula Monday, 08 February 2021 02:15 AM
හොඳ අදහසක්... අනාගතයේ ඔවුන් පුහුණුවට ගන්න බැරිවෙයි.
මුණසිංහ Monday, 08 February 2021 05:51 AM
මේක මාර කෙළියක් නේ? ටෙන්ඩර් කැඳවලා අපිට ඕනෑ අයට දෙන්න ඉන්දියාවෙන් අවසර ගන්නේ මොකටද? පිට රටවල් වන්දනාවේ යන අපිටත් හොඳ පාඩම්! දුක් විඳලා හරි තමන්ගේකම රැකගන්න කවදා හැකිවේද?