IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චන්ද්‍රා කළුආරච්චි දිවි රඟමඩලින් සමුගනී

(ආරියරත්න රණබාහු)

ප්‍රවීණ රංගන ශිල්පීනි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය  අද (1) පස්වරුවේ අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 76 වැනි වියේ පසූවු  ඇය දෙදරු මවකි.

ජනප්‍රිය ගායක සහ ප්‍රවීණ සංගීතඥයකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ බිරිඳ වූ ඇය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි අමා විජේසේකර මහත්මියගේ මවද වේ.

1964 වසරේ දී වේදිකා ගතවූ ප්‍රේම රංජිත් තිලකරත්නගේ ‘වහලක් නැති ගෙයක්’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය ‘එරබොදු මල් පිපිලා’, ‘කැළණි පාලම’ ඇතුළු නාට්‍ය රැසක රඟ පැවාය.

දහසක් සිතුවිලි, මොකද වුණේ, රොමියෝ ජුලියට්, ලක්සෙට කොඩිය, තුං මංහන්දිය, වැලි කතර, සිංගප්පූරු චාලි, මාතර ආච්චි, හත්දින්නත්තරු,  සිහසුන, ජීවන ගංගා, දිනුම් කණුව, සිරිල් මල්ලී, ආශා වසන්තයේ දවසක්, පාරදිගේ, දඬු මොනර, ආරාධනා, පවුරු වළලු, සෙයිලම ඇතුළු චිත්‍රපට 40 කට ආසන්න ගණනක විවිධ චරිත නිරූපණය කර ඇති ඇය වඩාත් අම්මාගේ චරිතය රඟපෑමෙන් ප්‍රේක්ෂක ප්‍රසාදයට පත්වුවාය.

පසු කලෙක ටෙලි නාට්‍ය රංගනයට ද පිවිසි ඇය නාට්‍යයන්හි හඬකැවීම් ශිල්පිනියක් ලෙස ද කටයුතු කර ඇත.

දේහය ගල්කිස්ස කලාපුර අංක 140/31/s නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.



අදහස් (19)

චන්ද්‍රා කළුආරච්චි දිවි රඟමඩලින් සමුගනී

sirimal Friday, 01 November 2019 01:17 PM

ඉතාම කණගාටුදායක ආරංචියක්... බොහෝ කාලයක් තිස්සේ වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළ රැඳීසිටිමින් සුවිසල් සේවයක් ඉටුකළ ප්‍රතිභාපූර්ණ කලාකාරිණියක්... කළුආරච්චි මහත්මියට නිවන්සුව ලැබේවා...!!! 

:       644       508

. රොහාන් දයාදර පැරිස් Friday, 01 November 2019 02:49 PM

ප්‍රංශයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් ශෝකය ... චන්ද්‍රා කළුආරච්චි මැතිණියට නිවන් සුව පතමු.

:       162       141

ලසන්තSaturday, 02 November 2019 01:18 AM

එතුමියට අජරාමර නිවන්සුව පතමු...

:       0       10

අනුර ‌‌‌සෝමසිංහ Friday, 01 November 2019 05:08 PM

නිවන් සැප ලැබේවා ඔබතුමියට...!!!

:       1       138

ධම්ම Friday, 01 November 2019 05:56 PM

ඔබට නිවන් සැප ලැබේවා...!

:       33       63

Fonseka Friday, 01 November 2019 06:02 PM

අනේ අපිට සංගීතය උගන්වපු අපේ ලක්ෂ්මන් සර් තනි වුණා එහෙනම්. හිතා ගන්නවත් බැහැ.

:       6       114

shantha QatarSunday, 03 November 2019 02:15 PM

මෑණියනි, ඔබට අජරාමර නිවන් සුව...!

:       0       11

Demuni de silva Friday, 01 November 2019 08:36 PM

නිවන් සුවය ලැබේවා!

:       2       1

Raveendra Friday, 01 November 2019 09:23 PM

ඔබතුමියට නිවන් සුව අත්වේවා !!!!

:       1       1

ලුම්බිණි Friday, 01 November 2019 10:14 PM

ඔබට නිවන් සුව!

:       2       1

Duncan Friday, 01 November 2019 10:35 PM

ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලාංකිකයින්ගේ බලවත් කණගාටුව..

:       2       36

Sarasi Saturday, 02 November 2019 01:18 AM

එතුමියට නිවන් සුව පතමි. හරිම වැදගත් පවුල් ජීවිතයක් ගත කළ අහිංසක යුවලකි. ඒ යහපත් කලා ජීවිතය අද කාලයේ ඇත්තේ කොතැනදැයි නොදනිමි...

:       37       51

ලංකා අත්පත්තු Saturday, 02 November 2019 04:30 AM

කටාර්වල ජීවත් වෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. මැතිණියනි, ඔබට නිවන් සුව පතමු.

:       113       27

chinthaka Saturday, 02 November 2019 09:51 AM

ඔබතුමියට නිවන් සුව ලැබේවා... !!!

:       22       4

sampath Saturday, 02 November 2019 10:44 AM

ඔබතුමියට නිවන්සුව අත්වේවා..!!

:       20       4

සුදත් ශ්‍රී Saturday, 02 November 2019 03:06 PM

එතුමියට නිවන් සුව ලැබේවා!

:       14       0

leel gunawardena Saturday, 02 November 2019 09:56 PM

නෙදර්ලන්තයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් ශෝකය. ඔබට නිවන් සුව !

:       46       36

NAK Sunday, 03 November 2019 08:00 AM

ඔබට නිවන් සුව!

:       14       3

Chitral Sunday, 03 November 2019 04:38 PM

ඔබට නිවන් සුව මෑණියනි..,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site