IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් සංස්ථාවට කෝටි පහක පොල්ලක්

(බිඟුන් මේනක ගමගේ සහ සමන්ත යහම්පත්)


චිත්‍රපට නිෂ්පාදකයන්ට ණය ලෙස ලබාදුන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට මෙතෙක් ගෙවා නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


1964 සිට අවුරුදු 56 ක කාලයක් තිස්සේ චිත්‍රපට 178 කින් මෙසේ මුදල් අයවිය යුතුව තිබෙන අතර ඒවායෙන් චිත්‍රපට 101 ක් ප්‍රදර්ශනයට ඉදිරිපත් වී නැතැයි ද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්තාවක දැක්වේ.


චිත්‍රාගාර සේවා, දළ සේයා පට මිලදී ගැනීම, පිටපත් මුද්‍රණය, රසායනාගාර සේවා, ශබ්දාගාර සේවා, ශිල්පීන්ට ගෙවීම, සංස්කරණ සේවා යන හේතු මත මෙම ණය මුදල් ප්‍රදානය කර ඇති අතර එම ණය ගෙවා අවසන් කරන්නැයි අදාළ නිෂ්පාදකවරුන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි ද චිත්‍රපට සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය. 


මෙම ණයහිමියන්ගේ ලැයිස්තුවෙහි පැරැණිම චිත්‍රපටය ලෙස 1964 ඔක්තෝබර් 22 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ශාන්ති ෆිල්ම්ස් නිෂ්පාදනය කළ ‘සසරක හැටි’ චිත්‍රපටය සඳහන් වන අතර ආසන්නතම චිත්‍රපටය ලෙස සඳහන් වන්නේ 2017 වසරේදී ණය මුදල් ලබාගත් ඒ.ඒ.ඒ ක්‍රියේෂන්ස් සමාගම නිෂ්පාදනය කළ ‘නැති බැරි ටාසන් ’ චිත්‍රපටයයි.


රුපියල් 750.00 ක් හැටියට අඩුම ණය මුදල ලෙස 1994 දී ණය ලබාගත් සරසවි චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ ‘ඇතිදා මිතුරු නැතිදා හතුරු’ චිත්‍රපටය සඳහන් වන අතර එය ප්‍රදර්ශනය කෙරී නැත.


රුපියල් ලක්ෂ 35 ක් හැටියට වැඩිම ණය මුදල අයවිය යුතුව තිබෙන්නේ 2011 දී ‘ගුරු ගීතය’ චිත්‍රපටය නිෂ්පාදනය කළ මුන්ස්ටෝන් මූවි පෞද්ගලික සමාගමෙනි.



අදහස් (3)

චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් සංස්ථාවට කෝටි පහක පොල්ලක්

amila Thursday, 30 January 2020 06:10 AM

‘නැති බැරි ටාසන්’

:       0       2

රවින් Thursday, 30 January 2020 06:32 AM

ෂුවර් එකටම දේශපාලුවන් පිටපස්සේ ඇති. ණය සහතික කරපු අයගෙන් ණය ආපසු අයකරගැනීමේ ක්‍රියාවලියට පිවිසුණොත් සෑහෙන ප්‍රමාණයක් ආපසු අයකර ගැනීමට හැකිවේවි...!!! 

:       0       1

gamekolla Thursday, 30 January 2020 06:40 AM

අවරුදු 56 කට කෝටි 5යි. මේක මොන පොඩි මුදලක්ද 2005-2020 දේශපාලුවන් හොරකම් කරපු විදියට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site