(පැතුම් දර්ශන)
හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හළ තරුණයන් 8 දෙනෙකු අම්පාර සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී අද (23) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 8 දෙනෙකුය.ඔවුන් කල්මුණේ, ගම්පොල ,කුලියාපිටිය, හොරොව්පොතාන, පුත්තලම, එරාවුර්, ඔට්ටමාවඩිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් හොරොව්පොතාන කිරලාගල පිහිටි ඉපැරැණි නටඹුන් සහිත පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යය මතට නැග තරුණයන් දෙදෙනකු විසින් ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා හැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා කිරලාගල කලාප භාර පුරාවිද්‍යා නිලධාරි සුමිත් බංඩාර රත්නායක මහතා විසින් ඊයේ (22) සවස හොරොව්පොතාන පොලිසියට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා එම පැමිණිල්ලට අදාළ මූලික පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෙම සිද්ධියට සැකකරුවන් 8 දෙනෙකු සම්බන්ධ බවත් ඔවුන් අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන බවත්ය.
එයින් එක් සැකකරුවෙකු හොරොව්පොතාන ප්‍රදේශයේ වන අතර අනෙක් සැකකරුවන් හත් දෙනා දිවයින විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබුණි.
ඒ අනුව ලබාගත් තොරතුරු අනුව හොරොව්පොතාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණි ජයවර්ධන මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සොයා අද (23) අම්පාර සහ අක්කරෙයිපත්තුව ප්‍රදේශයට ගොස් තිබේ.එහිදී සිදුකල දීර්ඝ සෝදිසියකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කියයි.
2018.01.05 වන දින හෝ ඊට ආසන්න දිනකදී හොරොව්පතාන ප්‍රදේශයේ සිටින යහළුවාගේ නිවසට පැමිණි තමන් කිරලාගල පුරාවිද්‍යා භූමියේ ද සංචාරය කළ බවත් එහිදී චෛත්‍ය මතට නැග ඡායාරූප ගත් බවත් සැකකරුවන් පොලිසියට පවසා තිබේ. එම අවස්ථාවේදී එය එතරම් බැරෑරුම් කාර්යයක් බව නොතේරුණු බවත් එසේ දැනුණේ නම් මෙලෙස ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා නොහරින බවත් සැකකරුවන් වැඩිදුරටත් පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට හෙට (24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
මේක දැනට අවුරුද්දකටත් වැඩිය කලින් වුන සිදුවීමක්. අන්තර් ජාලයට ඔය පින්තුර නොදැම්මානම් කවුරුවත් එහෙම දෙයක් වුන බවක් දන්නේ නැහැ. අපේ පුරාවිද්‍යා ස්ථාන රැකගන්නා තරම තමයි එයින් පෙන්නුම් කරන්නේ.
අනේ පව් බැරෑරුම් කියලා දැනගෙන හිටියේ නෑලු.
මේක කලේ හිතාමතාමයි.
ඉංජිනේරු අවසන් වසර සිසුන් වුනාට, පුරාවිද්‍යා වටිනාකමක් ඇති මෙවැනි නටඹුන් උඩට නගින්න මිනිස්සු පුරුදු වුනොත් මේවා ඉක්මනින් කඩාවැටෙයි කියලා තේරුමක් නැද්ද? ඒගොල්ලෝ නව නිර්මාණ තියා, පාලමක් බෝක්කුවක් වත් ප්‍රමිතියට හදයිද? පොත් ගුල්ලෝ වගේ පාඩම් කරන්නයි, ඉස්කෝලේ යද්දී හතර වටේම තියෙන ටියුෂන් පන්ති වලට යන්නයි පුරුදු වුණා මිසක්, සාමාන්‍ය දැනීම බින්දුවයි නේද?
මොනවා වුනත් සමාජයේ ඉස්සරහට යන්න ඉන්න අපේ දරුවෝ ටිකක්... එ් නිසා මට දුකයි කොල්ලො ටිකට...
සිංහල බෞද්ද නෙමෙයි, ඉංජිනේරු පීඨයේ නෙමෙයි (මේක නමට "ඉංජිනේරු වුණාට පීඨය ඔලුවිල් හොඳද? කටුබැද්දවත්, පේරාදෙණියවත්, අඩු තරමේ හපුගලවත් නෙමෙයි) සිංහල බෞද්ධ නෙමෙයි.. කවුරු වුණත් දැන් තියෙන්නේ වැඩිහරියක්.. - ඔව් වැඩිහරියක් අරටුවක් නැති පැපොල් ගස් හාදයෝ දන්නේ කොට්ටෝරුවන් වගේ සුහුරු දුරකථන වලට කොටන්න. හෙඩ් ෆෝන් සෙට් එකකුත් කනේ ගහගෙන... මේක රටේම පරිහානිය.. පාලකයින්ටත් ඕන මේක මොකද? මේවා තියනකොට මිනිස්සු හිතන්නේ නැහැ. එතකොට උන්දැලාට ඕන පිස්සුවක් නටතහැකි !
අද ලංකාවේ සරසවි වලින් බිහිවෙන අය ගැන මීට වඩා වැඩි යමක් බලාපොරොත්තුවෙන්න බැහැ. මොලේ තරම...
පුරාවස්තු විනාශ කිරීම බෞද්ධයෝ සල්ලි නිසා කරනවා.සෙල් ලිපි වගේ දේවල් ඉස්සෙලම මකනවා.ඇසිඩ් දානවා මැකෙන්න.ඊට පස්සේ අනුමැති ගන්නවා ගල් කඩන්න.අනෙකුත් පළාත්වල ඒකීය භාවය නැති කරන්න සාක්කි නැති කරන්න විනාශ කරනවා.දැන් තියෙන පලවෙනි කාරිය සිවිල් ආරක්ෂණ අංශයට මේවා භාර දීමයි.නුමුත් හරිය ලිඛිතව භාර දීමයි.එසේ නුනොත් හරිය වැඩ සිදුනොවේ.අනෙක වනගත පුරාවස්තු සංචාරය ප්‍රවර්ධනය කලයුතුයි.මෙයට රාජ්‍ය අනුග්‍රහය දිය යුතුයි.මේවා 225 න බලාපොරොත්තු විය නොහැක.මින් වසර 140 පමණ පෙර ජාතික පුනරෝධය ඇති කිරීමට අන්නන්ද ,නාලන්ද වැනි පාසල් පිහිටුවා වැඩ කලේ රජය නොවේ.බුද්ධිමත් විද්වතුන් හා මහා සංඝ රුවනය.
රටේ අහිංසක දරුවන් දින 2 ක් රිමාන්ඩ් කරන රට ?. හොර තක්කඩියන්, කුඩු කාරයින්, එදිනම ඇප දෙන රට ?
බහුතරය පෙන්වන්න ගියාද?
උපරිම දඬුවම් දෙන්න.
ගස් ගල් වලටත් වැඳුම් පිදුම් කරන ගෝත්‍රික මෝඩයින් ජීවත් වෙන රටක ජීවත් වෙන හැටි, උගත්, බුද්ධිමත් ජනතාව වටහා ගත යුතුයි. ගස් වල වලින් හා කුණු රොඩු වලින් වැසී යන පුරා වස්තුවල වටිනාකම් දැනෙන්න පටන් ගන්නේ, කවරෙකු හෝ ඒ මත සිට ගත්තොත් පමණද? ලෝකයේ අනෙක් රටවල ඓතිහාසික පුරාවස්තු ආරක්ෂා කිරීම පිණිස අසලට හෝ ඒ මතට යා නොහැකි වනසේ, ආරක්ෂක වැටක් හෝ දැන්වීම් පුවරු සවිකර ඇති බව අප දැක තිබෙනවා. අඩුතරමේ මෙම ස්ථානයේ එලෙස දැන්වීමක් පළකර තිබුනාද? මේ රටේ ජාතිවාදය වපුරුවන පින් බත් කමින් සමාජය දුෂණය කරන (ගඳ සස්සන) මිලේච්ජයින් රැලක් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ, පුරා වස්තු රැක ගැනීමට වඩා බඩ වඩා ගැනීම බව අපි නම් අවබෝධ කරගෙන හමාරයි.
එහෙම නම්, ලංකාවේ පුරාවිද්‍යා භුමි වලට ඇතුළු විය හැක්කේ වනජීවින්ට පමණද? බහුතරවාදය මත ඒකත් නරකම නැහැ.
මුස්ලිම් වරු පිළිම වන්දනාව නොකරයි අල්ලා දෙවියන් වහන්සේ අදහන අප ජනතාව මේ පිළිම ගැන දැනීමක් ඉගැන්වීමක් නැහැ මේ එබැවින් මේ වරද සිදුවී ඇත
ගස් ගල් වලටත් වැඳුම් පිදුම් කරන ගෝත්‍රික මෝඩයින් ජීවත් වෙන රටක ජීවත් වෙන හැටි ? දෙදහස් පන්සීය වසරක සංකෘතියට නිගරු කරන මොඩයා එතකොට පෙනෙන නටබුන් නොපෙනෙන දෙවියන් ගැන අවබෝදයක් නැති අය එක්ක අපි ජීවත් වෙනවා සමගියෙන්
මේ ප්‍රශ්නයේදීත් අපි මුස්ලිම් ජනතාව සමග ඉන්නවා.. සිංහල ජනතාව සමග හිටගන්න එම අයගේම කොටසක් ඉන්නවා. ගස්, ගල්වලට වඳිනවා කියා එම අය පාර්ලිමේන්තුවේත් කියනවා.
බද්‍රනි ඔබ අදහන ධර්මයද මේ ?
අන්වර්, ඇත්තටම ඔහෙලගෙ ටිකිරි මොළ ගැන ආඩම්බර වෙන්න ඕන. දැන් කියලා තියෙනවනේ පිළිම වන්දනා කරන ආගමික කොට්ටාශයක් ඉන්නවා හරි කියලා නේද? එතකොට මේ උගත් ඉංජිනේරු පුත්තු ටික දන්නේ නැද්ද අනිත් ආගමිකයන්ගේ පුජනිය දේවල් උඩ තමුන්ගේ ගද ගහන පයවල් තියන්න හොද නැති බව?
අන්වර්, අපේ නම් හැම පොඩි ළමයෙක්ම දන්නවා ලෝකේ වටේ බෙලි කපන ජාතියක් ඉන්නවා කියලා... ඒ වගේම ලංකාවේත් ටික ටික ඒ ගොල්ලෝ අමුතු වේගෙන එනවා කියලා...
ලංකාවේ ඉස්කෝල අධ්‍යාපනයේ තරම. මේකේ බරපතල කම දන්නා කියන්නේ බබාලාද කැම්පස් ගියේ හොරාට විබාගේ ලියලද ඉතිහාසේ තියෙන වැදගත්කම ගුරුවරු කියලා දීලා නැද්ද?
අන්වර්, ඔය ගොල්ලන්ගේ බහුතරේ ඉන්න රටවල අන්‍යාගමිකයෙක් ඔහෙලගේ ආගම ගැන වචනයක් හරි කිව්වොත් කස පාර දීලා..., ගමවල්, රටවල් වලින් පන්නනවා. නමුත් බෞද්ධ අපේ රටේ නිදහසේ ඔහෙලට ඉන්න දීලා තියෙනකොට ඔහෙලට එ්කේ අගයක් නැහැ නේද...?
ප්‍රියන්ත, මේ ගොල්ලෝ යන්නේ අරාබි ඉස්කොලෙනේ... ඒවා වල උගන්වන්නේ අරාබි ඉතිහාසය සහ ආගම... ඉතින් මේ නටබුන් උඩ නැගලා විතරක් දැනට ඒවා බේරුණු එක ලොකු දෙයක්...
"අල්ලා දෙවියන් වහන්සේ අදහන අප ජනතාව මේ පිළිම ගැන දැනීමක් ඉගැන්වීමක් නැහැ" ... මේ පිළිම ගැන දැනීමක් ඉගැන්වීමක් නැති එක අපේ ප්‍රශ්නයක් නොවෙයි. පිළිම හැදුවත් හදන්නේ කාගේ පිළිමේද? ඔහෙලා මේ රටට ආගන්තුකයින්.. එහෙම වුණාම මහජාතියේ මහආගම ගැන දැනගෙන තිබෙන්න ඕනේ... නැතිනම් මේ රටේ ජීවත්වෙන්න බැහැ. දැනට ඔයටික විතරක් කියන්නම්...
"අල්ලා දෙවියන් වහන්සේ අදහන අප ජනතාව මේ පිළිම ගැන දැනීමක් ඉගැන්වීමක් නැහැ.." ඔබලාට අනික් ආගම්වලට ගරු කරන්න උගන්වලා තිබෙනවාද? මම අවුරුදු 25ක් මැද පෙරදිග සිටියා මම දන්නවා අනික් අයට සලකන අාකාරය... හැබැයි ඒවා මෙහෙ බෑ.... පුලුවන් නම් ආගම ගැන මා සමග කතාකරන්න එන්න.
සම්බුද්ධ ධර්මය, ත්‍රිපිටකය තබා, මළපොතේ අකුරක අර්ථය පවා, තේරුම් ගැනීමට නොහැකි මානසික අඳ බාලයින් රැලක් මෙතන කුලප්පු වුණාට, චාතුරාය සත්‍යය අවබෝධ කරගෙන සිටින සැබෑ බෞද්ධයින් කලබල නොවේ. ඉතිහාසය හා ධර්මය හා දේශපාලනය එකට, පටලවා ගෙන කරන නිහීන රංගනයක යෙදෙන මේ නරි රැල ගැන අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද? කැලය මැද තිබුණු කොතක් පවා නොමැති දාගැබක පය තබා පින්තුර ගත් තරුණයින්ට වඩා, ශාසනය මත පහරන, නමින් බෞද්ධයන් යයි කියා ගන්නා අශිෂ්ඨයින් පිළිබද මා හට නම් ඇත්තේ මහා පිළිකුලක්. ධර්මය විකුණා, දේශපාලනය කරමින් බඩ වඩා ගැනීමට හපන් අධමයින්ට, ධර්මය විසින්ම දඬුවම් දෙන යුගය වැඩි ඈතක නොවන බව මතක් කරමි. පිරිමියෙක් ලෙස මෙලොව උපත ලබා ඇති, මේ අමනයින් රටට, ජාතියට හෝ මේ මහපොළොවට, කිසිඳු සේවාවක් නොකරන පින්පියන් බව වැඩි දුරටත් සඳහන් කරමි.
සුබ්‍රරමනියම් ඔයාලට එකතුවෙන්න පුළුවන් අන්වර් නැතිනම් මේ අයත් එක්ක විතරයි. අපිත් එක්ක බැහැ. අපි දන්නවා නුඹලා කව්ද කියලා...