(අනීෂා මානගේ)
ධිවර යාත්‍රාවක ඇතිවූ දෝෂයක් හේතුවෙන් චාගෝස් දිවයිනට පාවී ගොස් නැවත කුඩාවැල්ල ධීවර වරායට පැමිණි බව කියන බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 7 දෙනකු නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මෙලෙස නිරෝධායනයට ලක් කර ඇත්තේ බේරුවල ධීවර වරායට අයත් “හසරංග පුතා” නම් බහුදින ධීවර යාත්‍රාවකි.
බේරුවල ධීවර වරායෙන් ධීවරයන් හත්දෙනකු සමඟ ධීවර රැකියාව සඳහා මෙම බහුදින ධීවර යාත්‍රාව පිටත්ව ගොස් ඇති අතර යාත්‍රාවේ ඇතිවූ බව කියන දෝෂයක් හේතුවෙන් යාත්‍රාව මුහුදේ පාවෙමින් චාගෝස් දිවයින්වලට ගොස් ඇතැයි ධීවරයෝ පැවසූ බව මහජන පරීක්ෂකවරු කියති. එම දූපතේදී යාත්‍රාව අලුත්වැඩියා කර නැවත එමින් සිටියදී යළිත් වාරයක් යාත්‍රාව අබලන් වී ඇති අතර මේ හේතුවෙන් එය කුඩාවැල්ල ධීවර වරායට පැමිණ ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
ධීවර යාත්‍රාවේ පැමිණි බව කියන ධීවරයන් හත් දෙනා ඊයේ(6) දිනයේ දී ධීවර යාත්‍රාව තුළම නිරෝධායනයට ලක් කර ඇති අතර එහි තිබූ මාළු කිලෝග්‍රෑම් 4000 ක් පමණ අයිස් යොදා එම යාත්‍රාවේම ගබඩා කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
නිරෝධායනයට ලක් කළ ධීවරයන් හත්දෙනා ඊයේ (6) රාත්‍රි නාවික හමුදා නිලධාරින්ගේ මැදිහත් වීමෙන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd