IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චෙක් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් වැඩි වෙයි

ගිම්හාන නිවාඩු සමය ආරම්භ වීමත් සමග චෙක් රාජ්‍යයයේ කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇතැයි සෞඛය බලධාරීහු පවසති.

ඔවුන් පවසන්නේ පසුගිය පැය 24 තුළ පමණක් කොරෝනා රෝගීන් 168 දෙනකු වාර්තා වී ඇති බවයි.

එය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා වාර්තා වූ ඉහලම දෛනික වැඩිවීමයි.

පසුගිය දින හතර තුළ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 100 ඉක්මවූ බවද සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය වාර්තා කරන්නේ කාර්විනා හි නැගෙනහිර කළාපයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

සිකුරාදා (26) පාසැල් නිවාඩුව ආරම්භ වූ අතර බොහෝ පවුල් නිවාඩුව සඳහා සූදානම් වෙමින් සිටියහ.

කෙසේවුවද සංචාරක සීමාවන් හේතුවෙන් බොහෝ චෙක් ජාතිකයන් විදේශගත නොවී නිවාඩුව රට තුළම ගත කිරීමට සැලසුම් කර ඇතැයි ද පැවසේ.

මේ වනවිට චෙක් රාජ්‍යයේ කොරෝනා හේතුවෙන් පැනවූ බොහෝ සීමාවන් ලිහිල් කර ඇත.

එරටින් වාර්තා වී ඇති සම්පූර්ණ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,038ක් වන අතර මරණ 349ක් සිදුවී තිබේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

චෙක් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් වැඩි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 332 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site