ඉන්දිකා රාමනායක
බන්ධනාගාර අත්අඩංගුවේ සිටියදී චිකාගෝ ක්‍රමයට පලා ගොස් සිටි මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නැමැත්තා මීමුරේ ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු මීමුරේ ප්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (11) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
කෑගල්ල බන්ධනාගාරයේ සිට මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා ඉකුත් 19 වැනි දා බන්ධනාගාර බස් රථයකින් කොළඹ රක්ෂිත බන්ධනාගාරයට ගෙන එමින් සිටියදී සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් රැගෙන ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලා ගිය බස් රථය පෙන්නන්න එක්ක ගියා නම් ආපහු මහන්සි වෙන්න දෙයක් නෑ. සල්ලිත් ඉතුරුයි.
කුඩු විකුන්න ගියාට හොඳ පාඩම්