


ඉන්දිකා රාමනායක.
මෙරට පවතින ඝන වනාන්තර ප්‍රමාණය වර්ධනය කිරීම සඳහා ගුවන් හමුදාව අද (13) ප්‍රථම වතාවට නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර පහක භූමියකට ගුවනින් බීජ ඉසින ලද බව ගුවන් හමුදාව පවසයි.
2030 වනවිට ආවරණ භූමි 27% සිට 32% දක්වා වර්ධනය කිරීම මූලික අරමුණයි.
ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් යානයකින් මෙම බීජ ඉසීම කර ඇත.
කරද, මී, කූඹුක් ඇතුළු රෝපණ මාධ්‍ය 16 ක් ඇතුළත් කරමින් බීජ 5000 ක් පමණ ඉස ඇතැයි ගුවන් හමුදාව කියයි.
ජාතික ආරක්ෂාවට අමතරව රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් හරින අනාගතයක් දායද කිරීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතියට දායක වූ බව ගුවන් හමුදාව පවසයි.
COMMENTS
හොඳ වැඩක්... ආඩම්බරයි.
අක්කරම පහක්...!!! හෙලිකොප්ටරයකුත් ගෙනැල්ලා... පැල 5000ක්ම... ලංකාවනේ
යහපත් වැඩක් ...
මෙවැනි රටට හිතකර සේවයන් තවතවත් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
බොහොම අගෙයි. අපේ රටත් භූතානය වගේ කාබන් රින රටක් කරමු. අපි හැමෝටම පුළුවන් උපරිමයෙන් දායක වෙමු...
බොහොම හොද ක්‍රියාවක්. අනාගත පරපුර වෙනුවෙන් කරන ලද මෙම ආයෝජනයට සහභාගී වුනු සියල්ලෝටම පිං.
මොකක්ද මේ අපරාධය ,අක්කර 5 කට බීජ ඉසින්නට ගුවන් යානයක් මොකටද අපේ ගම්වල මිනිස්සු දවසකට අක්කර 5 ක් 6 කට තනියම වී ඉහිනවා.
අහන්නත් ආසයි මේ වගේ ප්‍රවෘත්ති .ඔබගේ උත්සාහයට ජයම ලැබේවා .
අක්කර පහකට ගුවනින්..? තිබෙන වනන්තරය ආරක්ෂා නොකර.. උදා: විල්පත්තුව
ඔය තරම් උඩ ඉඳලා වැටෙද්දී ඔය බිජ තැලිලා පොඩිවෙලා ගිහින්, පැළවෙන එකක් නම් නැහැ.
කුඹුරු වනාන්තර පටලව ගන්න එපා ජානක
ජානක මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. කුඹුරු යනු විවෘත භූමියක් බවත් ඒ අනුව ඔබගේ අදහස් නිවැරදිය. නමුත් ගුවනින් බිජ හෙළුවේ විවෘත භූමියකට ද යන්න සොයා බැලීමෙන් ඔබගේ විවේචනාත්මක අදහසට ඔබටම පිළිතුරු සොයා ගත හැකිබව අපගේ හැගීමයි.
වනන්තරේ සමතුලිතතාවය බිදෙන්නේ නැති වෙන්න දේශීය ශාක පමණක් වගා කරන්න. විල්පත්තුවත් හැකිනම් බේරගන්න. සුබ පැතුම්.
Janaka, හැම දේකම ඔය විදියට වැරදි හොයන්න එපා. හොඳ වැඩේට හොඳයි කියන්න...
කාර්යය ඉහළින්ම අගයමු. දෙවැනිවර අඩුපාඩු අවම කරමු. වන සංරක්ෂණයද සම්බන්ධ කරගත්තේ නම් පරිසරය ගැන සංවේදී වී අදහස් දැමූ සියටෙල් පුතුන්ටද ස්තුතියි.
අක්කර 05ක් කියන්නේ විශාල බිම් ප්‍රමාණයක් නෙවෙයි.. මේවට කමෙන්ට් කරන අයට අක්කර 05ක් ප්‍රායෝගිකව විශාලත්වය තේරෙන්නේ නෑ. විවෘත භූමියකට බීජ ඉසිනවා මිසක් කැලෑවකට නැවත බීජ ඉසීමේ ප්‍රතිඵලය කුමක්ද? අක්කර 05ක් කියන්නේ පර්චස් 800ක්...
මේ යෝජනාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නම් වෙන්න බැහැ. ෂුවර් එකටම අපේ අදහසක් වෙන්න ඕනේ අසාර්ථක වැඩක්... අපරාදේ මුදල් නාස්ති කිරීමක්...
වහින කාලේනේ හලෝ කරන්න තිබුණේ, දැන් ආයිමත් තද පෑවිල්ල...
අපූරුවට තිබුණු වනය හෙළි කරලා ගුවනින් අාපහු වපුරනවා. ගොඩකරලා ආපහු වතුර දානවා වගේ, කාලකන්නි රටක් වුනා අපේ රට, ඔව්වට සුභ පතන්නත් හරක් රංචුවක් ඉන්නවානේ ඉතින්..