IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගොහාගොඩ කසළ ගැටළුව කඩිනමින් විසඳන්න’යි ජනපති නියෝග

(නිමල කොඩිතුවක්කු)               

මහනුවර නගරයේ  ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කසළ කන්ද පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.                

මීතොටමුල්ල  වැනි තවත් ඛේදවාචකයකට ඉඩ නොතබා එම ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.  
                     
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ගොහාගොඩ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු විධිමත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද(03) පැවති සාකච්ඡාවකදීය.   
                                          
මහනුවර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කසළ බැහැර කිරීම සඳහා යොදා ගනු ලබන කටුගස්තොට ගොහාගොඩ කසළ කන්ද පිළිබඳව ප්‍රදේශවාසීන්  කළ පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම සකච්ඡාව කැඳවා තිබුණි.    
                                                   
ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබා විධිමත් කසළ ප්‍රතිචක්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ කසළ බැහැර කිරීමට කටයුතු කරන ලෙසත්, නගර සභාව සහ පළාත් සභාව එක්ව  ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙසත්  උපදෙස් දුන් ජනාධිපතිවරයා  ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (7)

ගොහාගොඩ කසළ ගැටළුව කඩිනමින් විසඳන්න’යි ජනපති නියෝග

සමීර Thursday, 03 January 2019 01:47 PM

රටේ තියෙන ලොකුම කසල ගොඩ තමයි මෙයා

:       0       5

Jehaan Thursday, 03 January 2019 07:08 PM

ඊට කලින් පාර්ලිමේන්තුවේ කුණු කන්ද සුද්ධ කරන්න ඕන නේද මුළු රටම ගඳ ගහනවා.

:       0       0

saman Friday, 04 January 2019 01:35 AM

ගොහාගොඩ විතරක් නොවෙයි, මුළු නුවරම කුමන හේතුවක් නිසා නගර සභාවට /ප්‍රාදේශීය සභාවට කසල වෙන් කරන එක අනිවාර්ය කරන්න අමතක වෙලා තියෙනවා. පොලිතින් ටික වෙන් කරලා ගත්තහම අහාර දිරාපත්වෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නැහැ.

:       1       2

keerthi ekanakake Friday, 04 January 2019 07:55 AM

එහෙම වෙනවානම් හොඳයි. ජනපතිතුමණි ස්තුතියි.

:       0       3

Nandalal DE SILVA - France Friday, 04 January 2019 12:17 PM

ඒ පාර මෙයා කොහෙවත් තියෙන කහල ගොඩකටත් අතදාල! අනේ අම්මප, මෙයා අත ගහපු මොකද්ද හරියට කෙරුනේ? හෙට, අනිද්දා සිරි මහත්තය ඔය කුණුගොඩ ඔලුවේ හලගන්නවා නියතයි! අපටත් එම පුවත ජාතික පුවත්පත් මගින් කියවන්නට (අ)වාසනාව ලැබේවි!!

:       0       7

jayanaath Saturday, 05 January 2019 05:09 PM

පොලිතීන් නිපැයුම නවත්වන්නේ නැතුව කොහොමද පරිසරය රකින්නේ..? වර්තමාන සමාජයට පොලිතීන්, ප්ලාස්ටික් නොමැතිව පැවැත්මක් තිබේද..? නිකම් බොරු සංදර්ශන....

:       0       0

ajith Sunday, 06 January 2019 01:15 AM

මෙයා හැම මගුලකටම අතදානවා. කිසිම තේරුමක් නැති වැඩ තමයි කළොත් කරන්නේ. මෙයයි, ඇමැතියි දෙන්නම එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 688 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site