IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ගෑස් ගැන හොයන්න රසායානාගාරයක් හදන්න ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගෑස් සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ නියමාකාර රසායනාගාරයක් නැති හෙයින් එවැනි රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (2) පැවසීය.

ආණ්ඩුව රුපියල් මිලියන 250 ක් හෝ මිලියන 500ක් වැය කළ හොත් එම රසායනාගාරය ස්ථාපිත කිරීමට හැකියාව තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වර්තමානයේ පැන නැගී තිබෙන ගෑස් අර්බුදය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දිය හැකි දැයි මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබාදුන් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ විපක්ෂ නායකවරයා ද මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන් සමඟ උපදේශක කාරක සභාව රැස්වී සියලු නිලධාරීන් කැඳවා ගෑස් ප්‍රශ්නය ගැන සාකච්ඡා කළ බවයි.ඒ පිළිබඳ කාරක සභා  වාර්තාව සැපයීමට හැකියාව තිබෙන බවද සභානායකවරයා සඳහන් කළේය.



අදහස් (8)

‘ගෑස් ගැන හොයන්න රසායානාගාරයක් හදන්න ‘

kamal Thursday, 02 December 2021 01:54 PM

අධිවේගයෙන්,වරායවල්,ගුවන් තොටු පළවල් ,නෙලුම් කුළුණු,නෙලුම් පොකුණු මොන තරම් දේවල් හදා දීලා තියනවද? තවත් ඉල්ලන එක හරිද ?

:       1       6

ravin Thursday, 02 December 2021 02:22 PM

ආ එහෙනම් කොහොමද ගෑස්වල ප්‍රමිතිය ගැන විශ්ව විද්‍යාල කියන්නෙ.ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ

:       2       4

කිරි පුතා Thursday, 02 December 2021 02:31 PM

රසායනාගාර හදලා, නාලා , කාලා වැඩේ හොයනකොට පෙරහැර ගිහින් ඉවරයි

:       3       8

Hafeel Thursday, 02 December 2021 02:55 PM

මෙයාට දැන් හොඳ හොඳ අදහස් සහ යෝජනා ඔළුවට එන්නේ.

:       3       5

Sriland Thursday, 02 December 2021 02:56 PM

ඔව් මෙච්චරයි ලංකාවට අඩු.කොහොන් හරි රටකින් බාරගතත කොන්ත්‍රත්තුවක්ද දන්නැ මේ කියන්නේ

:       4       1

Hafeel Thursday, 02 December 2021 02:57 PM

මෙච්චර ආණ්ඩුවට උපදෙස් යෝජනා දෙන්න මෙයාට අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගේන්න ක්‍රමයක් නැද්ද?

:       3       2

Chandima Thursday, 02 December 2021 04:53 PM

අර හිටිය කාලේ ඔවා කරන්න හිතුනේ නැද්ද?

:       0       0

Bamunuarachchi Friday, 03 December 2021 06:00 PM

මෙච්චර කල් ගෑස් ගැන හොයන්න රසායනාගාර තිබුණද? අතීසාරෙට අමුඩ ගහලා හරියන්නේ නැහැ. ලෙඩේට මුල හොයලා එතන හරිගස්සනවා හැරෙන්න. ගෑස්වල වල වෙනසක් වෙලා තිබෙනවා නම් එය හදන්න. මීට කලින් ඔය විදිහට ගෑස් ලීක් වෙලා ගෙවල් වල ලිප් ගිනිගන්න සිදුවීම් වුණා නමුත් එය තමන්ගේම ගෑස් ලිපේ වරදක් කියා මිනිස්සු ගනන් ගත්තේ නැහැ. දැන් ප්‍රචාරයක් දීපු නිසා හැම තැනම වෙන ගිනි ගැනීම් එකම එකවුන්ට් එකකට වැටෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site