(යොහාන් භාසුර)

ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (17) පස්වරු 6.30 ට වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්වෙන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි.

මෙම සාකච්ඡාවේදී ගෑස් මිල වැඩි කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බවත් මීට පෙර පැවැති සාකච්ඡාව පැය කීපයක් ඇදීයෑමෙන් පසුව විසඳුමකින් තොරව අවසන් වූ බවත් එම නිලධාරියා කියයි.

මෙම සාකච්ඡාවට ගෑස් මිල පිළිබඳව සොයා බැලීමට පත්කර සිටින අමාත්‍ය අනුකාරක කමිටුවේ සාමාජිකයන් වන වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, බලශක්ති අමාත්‍ය නීතිඥා උදය ගම්මන්පිල, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.