ලහිරු හර්ෂණ
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකුගෙන් සමන්විත සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හරහා විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
හෙට පාර්ලිමේන්තුවේ දී කතානායරකවා විසින් අලුත් අගමැතිවරයකු පත් කරනු ඇතැයි ඇතැමුන් බලාගෙන සිටිය ද අගමැති හා ඇමැතිවරුන් පත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනපතිට පමණක් බවත් ඇමැතිවරයා කීවේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
මැති අමැතිවරු රැසක් ඊට එක්ව සිටිති.
ඇමැති දිනේෂ් ගුණවර්ධන -
‘‘පාර්ලිමේන්තුව දේශපාලන ආණ්ඩු පෙරලියකට පසුගිය 26 වැනි දා භාජනය වූ බව අපි කළින්ම ප්‍රකාශ කළා. එවකට තිබුණු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධානයේ ගිවිසුම අවසන් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වසන් වුණා. එවැනි ගිවිසුමක අවසානයේ දී ආණ්ඩුව විසිරී යනවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමත්‍යවරයා ලෙස පත් කර අමාත්‍ය මණ්ඩලය පත් කළා. මේ අතර ජනාධිපතිත් අගමැතිත් අමාත්‍යමණ්ඩලයත් සාකච්ඡා කිරීමෙන් පසු මෙරට ඡන්ද දායකයන්ට උත්තරීතර පාර්ලිමේන්තුවක් අලුතින් පත් කිරීම සඳහා මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ජනවාරි 05 මහ මැතිවරණ පවත්වන්න නිවේදනය නිනුත් කළා. පාර්ලිමේතුවක් විසිරවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි. ඒ අනුව ඒ බලතල පාවිච්චිකරමින් රටේ ජතාවට අලුත් පාර්ලිමේන්තුවක් පත් කර රටේ ජනතාවට වඩා ශුබවාදී කිරීමට පාලිමේන්තු මැතිවරණයකට සූදානම් වීම ආරම්භ කළා.
මේ අතරතුර පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමේ නිවේදනය පැවැත්වීමේ ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය අභියෝගයකට ලක් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් එය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. අද ශ්‍රේෂ්ඨාධිකරණය එය තාවකාලික අත්හිටුවීමක් පමණක් කරලා තියෙනවා.
ඡායාරූප - ලහිරු හර්ෂණ


COMMENTS
මෙයාලා පව් කියලත් හිතෙනවා..
එතකොට තමුන්ගේ සාක්කුවේ ඉන්න විනිසුරුවන් සෙට් එක අඳබාල තීන්දුවකින් 6/5 එකක් අරන් තක්කඩි තීන්දුව නිවැරදිබව කියවෙන තීන්දුවක් ලබාගන්න පුළුවන්. මේ වගේ තක්කඩි රෑනක් නම් මම ජීවිතේටම දැකලා නැහැ. අප්පිරියි
කම්බාහොරු රැල...
70% ක් අන්ත දුප්පත් ජනතාවක් ඉන්න රටක තමයි... මේ සෙල්ලම් දාන්නේ මේ දෙගොල්ලම ජනතාවේ රීරි මනස හූරා කාලා ඉවරයි... එහෙත් අරුමේ කියන්නේ මේක තේරුම් ගන්න දුක් විඳින මිනිස්සුන්ට බැහැ... මිනිස්සු හිතන් ඉන්නේ මෙහෙම තමයි රටක් තිබෙන්න ඕනෑකියලා අද ලෝකයටම මෙගාකරුවන්, කම්කරුවන්, පිරිසිදු කරන්නියන් සපයන රටක්... ලෝකේ මිනිස්සු හිතන් ඉන්නේ මේ අයගේ රටවල ඊට වඩා හොඳ රස්සාවක් කරන්න මිනිස්සු නැහැ කියලා ඔන්න රටේ අභිමානය ගෙනත් තියෙන තැන...
නරකද මුලුරටේම ජනතාවට විනිශ්චය කරන්න ඉඩ දුන්නාම.... එජාප කට්ටිය පනබයයි ජනතා අධිකරණයට... දන්නවා ලැබෙන තීන්දුව...
කෙටිම කාලයක් බලයේ හිටිය කැබිනට්..
මුන් බුදිද නැත්නම් හැටිද ?
ලස්සන මූණු ටිකක්!!! හොඳටම මැලවිලා...
ඔක්කොම මූණවල් මැලවිලා...
ගුටිකාලා එලවනකම්ම දඟලපල්ලා..! අමාරුවෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ගමනේ ෂෝට් කට් වලින් බලය ලබාගන්න බැරි බව දැන්වත් අවබෝධ කර ගනිල්ලා... තවත් මෝඩ වැඩ නොකර, බල ලෝභය අයින් කරලා, රටේ ආර්ථිකය ගොඩගන්න උදව් කිරීමයි පුරවැසියෙක් සතු වගකීම...
උගතා නැතිතැන මෝඩයත් පණ්ඩිතයෙකි.
"පාර්ලිමේන්තුව විසිරවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි." කවර අවස්ථාවකද යන්නත් පැහැදිළි කළා නම් මැනවි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත පාලනයක අගමැති පත්කරන ක්‍රමයද විස්තර කළේ නම් අපි දැනුවත් වෙමු. මොකද දැන් තියෙන තත්ත්වය අනුව කුලිකරුවෙක් යොදා ජනාධිපතිව මරන්න යනවාය කියා සැළසුමක් සකස් කළොත් පාර්ලිමේන්තුව විසිරවනු ඇත. අගමැතිවරු මාරුකරනු ඇත. ජනාධිපතිතුමාට අනුව මන්ත්‍රීවරු විකිණෙනු ඇත. මැතිවරණ කොමසාරිස්තුමාට නිතරම දෙන්න. බිලියන හතරක් පහක් වේල කන්න නැතිව ඉන්න ජනතාවට දායක වෙන්නට සිදුවෙනවා ඇත. වරද ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීවීමට යාමයි. රජ කෙනෙකුගේ පාලනයක් නම් අපට කියන්නට දෙයක් නැත...