(නිමල කොඩිතුවක්කු)
ගොවිජනතාව සමග ආණ්ඩුවේ සෙල්ලම වහා නවතා රටේ සමස්ථ ජනතාවගේ නාමයෙන් ගොවිජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව වහා විසඳුම් සලසන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මැතිවරණයට පෙර තිබූ ආණ්ඩුවේ කෘෂිකර්මය සම්බන්ධ ප්‍රතිපත්තිය අද වනවිට සහමුලින්ම උඩුයටිකුරු වී ඇති බවත් ගොවියා නඟා සිටුවනවා වෙනුවට ගජමිතුරන් පෝෂණය කිරීම ආණ්ඩුව විසින් සිදුකරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
"ආහාර සුරක්‍ෂිතභාවය අන් කවරදාටත් වඩා අදවනවිට සුවිශේෂී වී ඇති නමුත් ආණ්ඩුව ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ගොවියා සම්පුර්ණයෙන්ම අකර්මණ්‍යකොට ඇත.
මැතිවරණයට පෙර තිබූ ආණ්ඩුවේ කෘෂිකර්මය සම්බන්ධ ප්‍රතිපත්තිය අද වනවිට සහමුලින්ම උඩුයටිකුරු වී ඇති අතර ගොවියා නඟා සිටුවනවා වෙනුවට ගජමිතුරන් පෝෂණය කිරීම ආණ්ඩුව විසින් සිදුකරමින් සිටී.
කොරෝනා ව්‍යසනය සමඟ අරගල කරන ලොව බොහෝ රටවල් සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව සිය ප්‍රමුඛත්වය ලබා දී ඇති නමුත් මෙරට ආණ්ඩුව ඒ දෙකම දුර්මුඛ කොට අවශේෂ ලෙස පසෙකට දමා තිබේ.
එහි ඛේදවාචකය අවාසනාවන්ත ලෙස අත්විඳින්නට සිදුවන්නේද අහිංසක පුරවැසි පරපුරට මිස අවස්ථාවාදී ආණ්ඩුවට නොවේ.එබැවින් රටේ සමස්ථ ජනතාවගේ නාමයෙන් ගොවිජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව වහා විසඳුම් සලසන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

COMMENTS
කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, කොරෝනා මරණ, දැඩි සංචරණ සීමා හේතුවෙන් අහිමි වී ගිය ආදායම් මාර්ග, අධික ජීවන බර, රැකියාවල අවිනිශ්චිත බව හේතුවෙන් ඇතිවූ සංකීර්ණ ගැටලු, නොමිලයේ දෙනවා කීව පොහොර අද සල්ලිවලටවත් ගන්න නැති නිසා කබලෙන් ලිපට වැටී ඉන්න අහිංසක ගොවිමහත්තුරු විශාල අභියෝගයට මුහුණ දී සිටිති. ඒ අතරේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාර ගජ මිතුරන් මහජන මුඩල් ගසා කෑම සංදර්ශන බවට පත්ම ඇත. එහෙම බැලූවිට විපක්ෂ නායකතුමා කියන එකත් හරි....
අයියෝ අංකල් නිදාගන්නකෝ ගිහින්... ඔයාගේ රටට තියෙන ආදරය... ඔයාගේ ඒ කාලේ පියතුමාට ඒ කාලේ තිබුණු වත්කමයි, දැන් ඔයාට තියෙන වත්කමයි දැක්කාම පෙනෙනවා.. කොහොමද මයේ අම්මේ ඔයා මේ තරම් පෝසත් වුනේ කියලා? ලංකාවේ ඉන්න කම්කරුවෝ, ගොවියෝ ඔයාගේ කතා අහලා ඔයාගේ ගේ ඉස්සරහා තියෙන කැටේට ගෙනැල්ලා දැම්මා වත්ද?
ඒහෙම කතාවක් පුද්ගලිකව ආරංචි නැනේ ? පරණ දෙයක් මතක් වෙලා
ඔයාලගෙ කාලේ ගොවියා ට හොඳ මිලක් දීලද දැන් ගොවියා ගැන කතා කරන්නේ . වී ගත්තේ 35ට. දැං එනව ගොවියා ගැන කතා කරන්න .
මෝඩ කතා කියන්න එපා. අතට ආපු වාසනාවට පයින් ගහන්න එපා.
අනේ මගේ කට...
අපිට හාල් 350 ට විතර ගන්න කියලාද කියන්නෙ?
හා හා මහත්තයෝ ඔය කියන ඒවා නොකර පුලුවන්ද නවත්වන්නම් මහත්තයෝ නවත්වන්නම්.!