
(ඩයනා උදයංගනී )
ගවයින් ඝාතනය නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමට ගෙන ආ එම යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවුවත් ඒ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවවලද අදහස ලබාගත යුතු නිසා මෙසේ කල්දමා ඇතැයි ද ඇමතිවරයා කීවේය.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
මේ වගේ විහිළු නීති අකුලාගන්න එකමයි හොඳ.
පින් කරන්න මොකටද බය වෙන්නේ?
ගවයින් ඝාතනය සහ විකිණීම මුස්ලිම් ජනයා විසින් කළත් එය වැඩි වශයෙන් අනුභව කරන්නේ අපේ සිංහල ජනයා. ගවයින් ලබා ගන්නෙත් අපේ සිංහලයින්ගෙන්, එම නිසා මෙහි ප්රතිවිපාකය වන්නේ අපේ අයටමයි.
කට්ටියට චොකා මල්ලි අමතක වෙනකල් නේද...?
ගවයින්ගෙන්ද අදහස් ගන්න..
මසක පමණ සහන කාලයෙන් පසු ඔබ ප්‍රවේසම් විය යුතුයි.
හරක් මස් කන අය ආණ්ඩුව පෙරළෙයි කියලා බයටද රටේ දෙවැනි පුරවැසියා දුන්න නියෝග පස්සට දාන්නේ? කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්න බැරි ආණ්ඩුවලින් සහ පාලකයන්ගෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ.
හදිසිවෙලා ස්තුති කරපුවත් මාසෙකින් කල්දාන්න වෙනවා.
මම නම් පුදුම වෙන්නේ නැහැ. ගව මස් තහනම් කරන්න කියලා මහා සංඝරත්නය සහ බෞද්ධයන් කියන්නේ අනාදිමත් කාලෙක ඉඳලා. හැබැයි කිසිම පාලකයෙකුට මේක කරන්න දෙන්නේ නැහැ.
මේ දේ කරන්න පුළුවන් නම් ලොකු පිනක්...!
අපි කරන්න හැදුව නමුත් වටේ අය කැමති වුනේ නැහැ අපේ හාමුදුරුවනේ...
මාෆියාව තියෙන්නේ දියවන්නාවේ කියලා කිව්ව කතාව හොඳටම ඇත්ත. මේ ගොල්ලො ගව මස් කන මිනිස්සු ගැන කිඹුල් කඳුළු හෙලනවා. ඇඳිරි නීතිය කාලේ මිනිස්සුන්ට මොන මසක්වත් තිබුනේ නැහැ කියලා අමතකයි. ඉන්දියාවෙත් නැති තහනමක් මෙහෙ මොකද අහනවා. ඉන්දියාව පන්සිල් ගන්නේ නැති බව දන්නේ නැතුව ඇති. හරක් විතරද? ඇයි කුකුල්ලු, ඌරන්, එළුවන් මොකද අහනවා. එකක් ගවයා සහ අනිකුත් සතුන් අතර වෙනස දන්නේ නැහැ. අනික මුලින් ගව ඝාතනය නතර කළාට පස්සේ මිනිස්සුම ඉතිරිව වර්ජනය කරයි. මේකත් හරියට 34 අවුරුදු ත්‍රස්තවාදය නතර කරන්න හදන කොට අවහිර කරන්න හැදුවා වගේ වැඩක්. එදා යුද්ධය නැවැත්තුවා නම් අද වෙනකොට මොන තරම් නම් ජීවිත ගණනක් ඝාතනය වෙන්න ඉඩ තිබුණාද? එදත් මිනිස් ජීවිත ගැන වගේ වගක් නැතුව යුද්ධය නතර කරන්න විවිධ උපක්‍රම යෙදුව පිරිස් හිටියා. අගමැතිතුමා, ඒ බලපෑම්වලට යටත් නොවී ත්‍රස්තවාදය ඉවර කළ නිසා සුවහසක් මිනිස් ජීවිත රැකුණා. ගව ඝාතනය නවත්තන්න හදන එකත් යුද්ධයක් කරනවා වගේ... සිංහල බෞද්ධ ගම්වල ඡන්ද වලින් පාර්ලිමේන්තු ආපු මිනිස්සු තමයි ගව ඝාතනය නතර කරන්න ගත්ත තීරණය කඩාකප්පල් කරන්න ඉස්සරහින්ම ඉන්නේ...
ඉස්සර හම්බන්තොට මැදමූලන පැත්තෙන් හොර හරක් ලොරි සියගණන් කොළඹට පටවපු අය, දැන් ඉන්දියාවේ හින්දු ගුරුලාගේ උපදෙස් මත ලංකාවේ හරක් මරන්න තහනම් කරනවා. මේකේ විහිළුව තමයි ලෝකයේ 3වැනියට වැඩිපුරම හරක් මාංශ පිටරට යවන්නේ ඉන්දියාවෙන් වීමයි..
ඔන්න පුළුවන් නම් කරලා පෙන්නන්න.. ඔට්ටුයි බෑ.
ගව ඝාතනය පමණක් නැවතීමට කටයුතු කළ අගමැතිවරයාගේ පනතට විරුද්ධව උෟරන්, කුකුළන්, එළුවන් සහ වෙනත් සතුන් අධිකරණයේ අභියෝගයට ලක්කරන්නට ඇත. ඝාතනය කරනවා නම් සියල්ලන්ට දඬුවම් දිය යුතුබවත් නොමැති නම් සියල්ලෝම ජීවත් වීමට අයිතිය තිබිය යුතු බවටත්, ඔවුන්ගේ පෙත්සමෙන් කියා සිටින්නට ඇත. අගමැතිවරයාට බිත්තර අඩු මුදලට ලබාදීමේ යෝජනාවට විරුද්ධව කිකිළියන් පමණක් නිහඬ විරෝධතාවයක් දක්වා ඇත..
මේක අහල ගවයා සතුටු වුණා. ඒත් මාසයක් කල්ගියා කිව්වාම කුමකින් කුමක් වේදැයි සිතමින් දැන් ගවයා ඉන්නේ දෙගිඩියාවෙන්...
එහෙමද? එහෙනම් ඒක චොකා මල්ලි පාර්ලිමේන්තු ආපු එකට ගොතපු බොරුවක්ද කොහෙද...?
හේතුව මොකක්ද? මේ ආණ්ඩුවේ දැන්සිටම කතාකරන්න පටන් අරගෙන තියෙනවා. ඕක කෙරෙන දෙයක් නෙමෙයි කියලා කියන්න කැමැතියි.
ඒ තීරණයට කෙළ වෙන්නයි හදන්නේ. හම්බයින් කුරු කුරු ගානවා ඇති. මේක ඔවුන් සම්බන්ධ නැති ආණ්ඩුවක්...
ඇම්ඩන්ලා කකුලෙන් විතරක් නොවේ නැට්ටෙනුත් ඇදලා වගේ... වැනි වැනි තීරණ ගන්න පටන්ගත්තද මන්දා?
"එසේය මහරජ" කියන්නට කේවට්ටයින් රැළක් මහජනතාව පත්කර ඇත. හෙට මහරජ කිව්වොත් " නැහැ ගව ඝාතනය තහනම් කරන්නේ නැත" කියා එයටද මේ කේවට්ට රැළම " එසේය මහරජ කියනවාට සැක නැත. නියමිත කාලසීමාවකින් පසු කිරි දෙනුන් ඝාතනය කළයුතු බවට නීතිපනවා ඇති රටවල්ද ඇත. නමුත් ලෝකයේ වංචාව, දුෂණය අතින් අපි තරම් ඔවුන් ඉදිරියෙන් නැත. මේ නිසා ධර්මය ඇත්තේ මස් කෑල්ලේවත්, මල්වට්ටියේවත් නොවන බවට පාලකයින් තේරුම් ගතයුතුව ඇති අතර ජනතාව රැවටීමද පාලකයන් නොකළ යුතුව ඇත. වයසට යන හරක් මැදමුලන වලව්ව බාර ගන්නේ නම් මේ යෝජනාවට ජනතාව යම් එකඟතාවයක් දක්වන්නට ඉඩ ඇත.
අනාගතයේ අයිතිකරුවන් නොමැති අයාලේ යන හරක් ගහනය වැඩිවෙයි. පාරේ ගමන් කරන විට හරක් ඇනලා සිදුවන මරණ ගැන පත්‍රවල වාර්තා වෙයි. කිරි හරක් පට්ටි අයිතිකරුවන්ට කිරි වැරූ හරකුන්ද ආහාර සපයමින් රැකබලා ගැනීමට සිදුවන බැවින් කිරි නිෂ්පාදනය සඳහා යන වියදම වැඩිවන අතර කිරි නිෂ්පාදනයද අඩුවෙයි.
මේවා නොකෙරෙන දේවල්.. කාලෙන් කාලෙට තම පාක්ෂිකයා සතුටු කිරීමට කියන කතා.
අපිව රැවැට්ටුවා...
නොකාම ඉමු... ප්‍රශ්නේ ඉවරයි... අනෙක් අතට මසට සතුන් නොවිකුණා ඉම්මු.. අදම වැඩේ කරන්න පුළුවන්. කොහොමටත් ඡන්දෙ ගැන හිතලා මේක මොකක් හරි වෙයි වගේ...
මිනීමරුවන් පාර්ලිමේන්තු ගෙනඒම වහන්න කිව්ව ගව ඝාතනය තහනම් බොරුවට මිනිස්සු රැවටිලා.
එක පාරටම අකුලගන්න ලැජ්ජයිනේ.
ගවමස් කෑම නොවෙයි ප්රශ්නය.. ගොවිපළවල්වල ඉපදෙන හැම හරකාම මැරෙන තෙක් රැකබලාගන්න ගියොත් ගොවිපළ හිමියන් බංකොළොත් වෙලා කිරිපට්ටි ව්‍යාපාරය වහන්න වෙනවා. එතකොට පිටරට කිරි ගෙන්වීමේ ජාවාරම ජයට කළ හැකියි.
පිටරටින් ගවමස් ගේන කොන්ත්‍රාත්තුව කාටද?