(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල තල්දූව සුවිසල් දෙමහල් නිවෙසක් පිටුපස නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් හත් දෙනකු අද ( 2 ) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
වැටලීම හේතුවෙන් මැරීමට සිටි ගවයන් තිදෙනකු ද බේරා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
මරණ ලද ගවයකුගේ මස් තොගයක් සහ මැරීමට උපයෝගී කර ගත් උපකරණ ද පොලිසිය භාරයට ගෙන ඇත
පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් මධ්‍යම රාත්‍රියේ සිට එම සුවිසල් නිවස අසල රැකවල්ලා සිට අලුයම වැටලීම සිදු කළ බව සිදු කළ බව පොලිසිය සඳහන් කරයි
වැටලීමේදී අත්අඩංගුවට ගත් මෙම නීති විරෝධී ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරු එයින් මුදා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ලෙස රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලබාදීමට උත්සාහ කළ බවත් පොලිස් නිලධාරින් විසින් එය ප්‍රතික්ෂේප කළ බවත් වැටලීමට සහභාගිවූ නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් ය .සැ කකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවිස්සාවේල්ල පොලීසිය වෙත භාර දී ඇත
පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ,උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් පොලිස් සැරයන් 428 ජයලාල් 50298 චානක පොලිස් කොස්තාපල්වරුන් වන 87119 අමිල80182 මහත්වරු වැටලීමට එක්වූහ.
අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව
කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී අද (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය.
චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන
ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැ
ශ්රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගව ඝාතකාගාරයක් වටලා 7ක් අත්අඩංගුවට