IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගොවීහු වැලි ජාවාරමුන් පන්නා දමති

(නිමල් ජයරත්න)

හම්බන්තොට ප්‍රදේශයේ සිට පැමිණි  ව්‍යාපාරිකයෙකුට  අයත් පිරිසක් අරලගංවිලෙ පන්සියතුන කුඩාඔය අමුණේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ජේ.සී.බී.යන්ත්‍ර තුනක් මගින්  වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අද (22) පලවා හැරීමට  ප්‍රදේශයේ  ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීහු පිරිසක් කටයුතු කළහ.

503 කුඩාඔය අමුණට සහ වාරි මාර්ග පද්ධතියටත් ,අමුණ ගංගා ඉවුරට සහ ප්‍රධාන මාර්ගයක පාලමකට හානි සිදුවන අයුරින් මොවුන් වැලි ගොඩ දමමින් සිටි ඇති අතර එහිදී  ප්‍රදේශ්යේ  විහාරාධිපති  ස්වාමීන් වහන්සේලා දෙනමක්ද එකතු කර කරගනිමින් 503 කලාපයට අයත් ගොවි සංවිධාන  පහක නියෝජිතයින්  හා ගොවීන් මෙන්ම  ප්‍රදේශයේ  විපක්ෂ දේශපාලන   අධිකාරියේ නියෝජිතයෝ ද පැමිණ මෙම වැලි ගොඩ දමමින් සිටි පිරිස පලවා හැරීමට කටයුතු කළහ.

මෙහිදී අදහස් දක්වමින් ගොවි සංවිධාන සහ මහා  සංඝරත්නය පෙන්වා දුන්නේ  මෙම අමුණේ රොන්මඩ ඉවතවත්ත් කරන මුවාවෙන් හම්බන්තොට ප්‍රදේශයේ සිට පැමිණි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු විසින් වැලි ගොඩ දැමීම ජාවාරම්ක් ලෙස සිදුකරන යන බවයි.

මෙම විරෝධයත් සමග එම ස්ථානයෙන් වැලි පටවා තිබූ ටැක්ටර් දෙකක් එහි රියදුරන් සමග පලා ගොස් තිබූ අතර වැලි  ප්‍රවාහන  බලපත්‍ර නීති උල්ලංඝනය කෙරූ  ට්‍රැක්ටර් රථ තුනක් අත්අඩංගුවට ගත් බව  අරලගංවිල පොලිසිය කියයි.

මෙම තත්ත්වය පිළිබඳ මහවැලි බී කලාපය  නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර තාක්ෂණ ආර්. වසන්ත මහතාගෙන්  නියෝජිතයින් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ පරිසර  අධ්‍යනයකින් අනතුරුව   කුඩාඔය අමුනේ වැලි ගොඩ දැමීමට අවසර ලබාදී ඇති බවත් බවයි.

අප මේ  පිළිබඳව  මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර   නොයෙල් ජයසිරි මහතාගෙන් දුරකථනයෙන් කළ  විමසීමකදී සඳහන් කළේ ගොවි සංවිධාන පහ සමග සාකච්ඡා කර ඒ සඳහා  විසඳුම්ක්  ලබාදෙන බවයි.

 



අදහස් (7)

ගොවීහු වැලි ජාවාරමුන් පන්නා දමති

Raveendra Friday, 22 October 2021 03:41 PM

ඉතාම හොඳ ප්‍රවණතාවයක්... පක්ෂ බේදවලින් තොරව පරිසරය විනාශ කරන අයට නෙලන්න තිබුනේ අවයව වෙනස් වෙන්නම. එසේ පරිසරය විනාශ කරන අය එන්නේ හම්බන්තොටින්ද? මැද කොළඹ මගේ සදාදරණීය දුගී, දුප්පත් ජනතාවද අදාළ නැත...

:       4       18

Nuwan Friday, 22 October 2021 04:57 PM

මැදමුලන කටු කන ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනෑ අනිවා...!!!

:       1       15

jayaka Friday, 22 October 2021 05:06 PM

විය යුතු දේ වෙමින් පවතියි. හැමතැනම පොලිසිය දාන්න බැහැ. මහජනයා ඔයවගේ විරුද්ධ වුණානම් ඉබේම පරිසරය රැකගත හැකිය.

:       1       20

swene Friday, 22 October 2021 10:00 PM

හම්බන්තොටින් ආපු ඔය කණ්ඩායම වෙනත් වේශයකින් හා බලයකින් නැවත එන්න පුළුවන්... අවධියෙන් සිටින්න.

:       0       10

Bunkundaa Saturday, 23 October 2021 12:00 AM

හොඳයි මෙහෙම කරපු එක.

:       0       0

sam Saturday, 23 October 2021 07:44 AM

අනිවාර්යයෙන්ම රාජපක්ෂලාගේ කෙනෙක්... මේ රටේ දූෂණය, භීෂණය කොතැනද, එතන රාජපක්ෂලා තමයි මූලික...

:       0       0

69lakshaya Saturday, 23 October 2021 07:51 AM

මේක 2/3 බලයක් තියෙන අපේ ආණ්ඩුව... අපිට ඕනේ විදිහටයි රටේ වැඩ කෙරෙන්න ඕනෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site