IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදා විශේෂ බළකා රෙජිමේන්තුවේ 84 ක් විසිර යති

ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බළකා රෙජිමේන්තුවේ  මුලික පුහුණු පාඨමාලාව හැදැරූ ගුවන් හමුදා භටයින් 84 දෙනකු විසිර යාමේ උළෙල  ගුවන් හමුදා මොරවැව කඳවුරු භූමියේදී  සිදු කෙරිණි. 

එහිදී   අංක 12 , 13 යන රෙජිමේන්තු බලකා මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදැරූ ගුවන් හමුදා නිලධාරීහු 4 දෙනෙක් සහ සෙසු නිල ලත් නිලධාරීහු 80 දෙනෙකු  විසිර ගියහ.
 
මොරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බළකාය රෙජිමේන්තු මගින්  මාස 07 ක කාලයක් පවත්වන පුහුණු පාඨමාලාවකින් අනතුරුව  මාදුරුඔය ගුවන් හමුදා කඳවුරේ මාස 2 කට  ආසන්න කාලයක පුහුණුවක් තෝරාගත්  ගුවන් හමුදා නිලධාරීන් පිරිසකට ලබා දෙන අතර අනතුරුව විශේෂ බළකා රෙජිමේන්තු  පක්ෂාංගයට ඇතුළු වීමට ඔවුහු සුදුසුකම් ලබති.
 
විශේෂ බළකා සොල්දාදුවකු  වශයෙන් සිය  කැපවිම හා ධෛර්යය වෙනුවෙන් ලබා ගත හැකි ඉහළම ගෞරවය හා සම්මාන වන විශේෂ බළකායන්ට පමණක් ආවේණික වු කලු පැහැති හිස් වැසුම පැළදවිම හා විශේෂ බළකා රෙජිමේන්තු  ලාංජන පැළඳවිම මෙහිදී සිදු විය. 

විශේෂ බළකා රෙජිමේන්තු  පක්‍ෂාංගයේ වත්මන් අණදෙන නිළධාරි විංග් කමාන්ඩර්  එච්.එම්. ටි නන්දක කුමාර  මහතාගේ සංකල්පයකට  අනුව වත්මන් ගුවන් හමුදාපතිවරයාගේ  අනුමැතිය හා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂකවරයාගේ අධික්ෂණය හා මග පෙන්විම අනුව මෙය ක්‍රියාත්මක කෙරිණි.

එහිදි  දක්ෂතම වෙඩික්කරු, ශාරිරික යෝග්‍යතාව අතින් දක්ෂතම ගුවන් භටයා , සහ සෑම අතින්ම දක්ෂතම ගුවන් භටයාට හිමි සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරිමද  සිදු විය.
 
මෙම විශේෂ පුහුණුව ලද විශේෂ ගුවන් බළකා භටයින්  ගුවන් හමුදාවේ සෑම කඳවුරකම  අනියුක්ත කරන අතර හදිසි ආපදාවකදී ලංකාවේ ඕනෑම ස්ථානයකට සහය ලබා දීම සඳහා ඔවුන්  විශේෂ පුහුණුවීමක් ලබා තිබේ.
 
විසිර යාමේ පෙළපාළියට සමගාමිව මොවුන්ගේ පුහුණුවිම් කාලය තුළ  ලද විශේෂ පුහුණුව විදහා දැක්විම සඳහා  අවිරහිත සටන්, කඳවුරක් නැවත අත්පත් කර ගැනිම සහ ගොඩනැගිලි තුළ  සිරවි සිටින  පිරිස් මුදවා ගැනීමේ  නිදර්ශන ක‍්‍රියාන්විතයන් සිදු කරන අයුරු පිළිබඳව ද ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් සංදර්ශනයක්ද , පැරෂුට් හා යතුරුපැදි සංදර්ශනයක්ද පැවැත්විණි.
 
ප‍්‍රධාන ආරාධිත ලෙස  විශේෂ බළකා රෙජිමේන්තු  නිර්මාතෘ වත්මන් ශ‍්‍රී ලංකා  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා මාණ්ඩලික නිලධාරි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය, තී‍්‍රවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සෙසු නිලයන් සහ විසිර යන ගුවන් භටයින්ගේ පවුල්වල සාමාජිකයෝ එක්ව සිටියහ.

(36698)

(ඡායාරූප - ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය)
 



අදහස් (1)

ගුවන් හමුදා විශේෂ බළකා රෙජිමේන්තුවේ 84 ක් විසිර යති

Nuwan Friday, 21 December 2018 06:40 AM

මගේ මාතෘභූමිය කොටියාගෙන් බේරාගත් රණවිරුවන්ට ජයවේවා!

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site