(නිමන්ති රණසිංහ)
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සිය නිවසේ සිටිමින් ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
ගුවන් හමුදාපතිවරයා සමඟ කටයුතු කළ පිරිසකට කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගෙන තිබීම හේතුවෙන් ඒ මහතා නිවෙස් නිරෝධායනයට යොමුවූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ගුවන් හමුදාපතිවරයා නිවෙස් නිරෝධායනය වෙමින් සිටියද, නිවසේ සිට සිය දෛනික රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටින අතර මේ වනවිට ඔහු නිරෝධායන දෙවන සතිය ගතකරමින් සිටින බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි… කොරෝනා වලින්වත් බේරිලා ඉන්න දන්නේ නැති ගුවන් හමුදාපති කෙනෙක්ද අපට ඉන්නේ...?