(යොහාන් භාසුර)
රත්තරන් තොගයක් සමඟ රේගුව අත්අඩංගුවට ගත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවකයා දඩ නියම කිරීමෙන් පසුව නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.
තහනම් භාණ්ඩ සමඟ පුද්ගලයකු හසුවූ විට භාණ්ඩ රාජසන්තක කර දඩ නියම කිරීම රේගු දෙපාර්තමේන්තුවේ සමාන්‍ය ක්‍රියාපටිපාටිය බවත් දඩ නොගෙවන්නේ නම් පමණක් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කාර්යාල සහයකයකු යැයි කියන අදාල පුද්ගලයා සතුව තිබී රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ තුනකට වැඩි ප්‍රමාණයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සොයාගෙන ඇති බවත් වැඩි දුරටත් දැනගන්නට තිබේ.
මෙම සේවකයා මාතර මහ නගර සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකුද වන අතර සේවකයා පිළිබඳව ගත් ඉදිරි පියවර පිළිබඳව දැනගැනීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත්ත ද රැස්වීමක සිටින බව පවසමින් ඒ මහතා දුරකථනය විසන්ධි කළේය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් සමාගමේ සේවකයා රත්තරන් සමඟ මාට්ටු
Ruhunu Thursday, 30 September 2021 01:21 PM
අපි නොදන්නවයි ගුවන්තොටුපලේ ඉන්න අය ගැන.