(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (11) දැනුම් දී ඇත බව වාර්තා වෙයි.
නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දීම සංස්ථාව සතු සංඛ්‍යාත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයකට පැවැරීම ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් ඇමැතිවරයා මෙම දැනුම් දීම කර ඇතැයි ද දැනගන්නට තිබේ.
COMMENTS
"සංස්ථාව සතු සංඛ්‍යාත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයකට පැවැරීම" මේක සභාපතිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. අනිවාර්යයෙන් මේ කියන කට්ටියගේ බලපෑමකට දීලා අන්තිමට ගෙදර යනවා.
අයියෝ අර සංජීවත් ඉන්නවා ඕකේ...
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති තේවිස් ගුරුගේ සභාපතිව සිටින කාලේ තිබූ ගුවන් විදුලි සංස්ථාවට සිදුව ඇත්තේ කුමක්ද? ඉඩම්, දේපළ විකිණීම ඔවුන්ට අයත් කාර්යයක් නොවේ.
ඇමතියා හරියට සාධාරණව වැඩ කරන කෙනෙක් කියලා හිතේ ඇති. අනුන්ගේ කාමරවලට රින්ගන්න ගිහින් කකුල් කඩාගත්තු පාපෙට කරගහන්න වුනෙත් බදු ගෙවන ජනතාවටයි...
ඇමැතිවරයා මුලින්ම ඉවත්විය යුතුයි. වගකීම ඇමැතිවරයා සතුයි. තමන් යටතේ ඇති ආයතන වල සිදුවන දේ ගැන ප්‍රධානම වගකිව යුත්තා ඔහුයි. ඒ වගකීම බාරගෙන වහාම ඇමැතිවරයා ඉවත් විය යුතුයි.
රාජ්‍ය දේපල අවභාවිතයට දඬුවම ඉල්ලා අස්වීම විතරයිද?
ජගත් වික්‍රමසිංහ හොඳ මදි වෙලා වගේ සර්ලාට. ඔය කියන අයථා ගණුදෙනු පේන්න මෙච්චර දවසක් ගිය එකනේ පුදුමේ. හැබැයි සභාපති නිල රථයෙනුත් ගහපු ගැහිල්ල ගැන සංස්ථාවේ සේවකයින්ම ප්‍රසිද්ධියේ මුල් කාලෙම කියලා තිබ්බා අපි නම් දැක්කා..
ජගත් සාමාන්‍යයෙන් ඔය වගේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. නමුත් කෙහෙළිය කියන දේවල් විශ්වාස කරන්න අමාරුයි..
අපරාදේ ජගත් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනයට ගිහිල්ලා නිකං සවුත්තු වුණා. මොනතරම් ගායන පෞරුෂයක් තිබෙන කෙනෙක්ද?
මේක ඉතින් අලුත් දෙයක් නෙවෙයි නෙව කොච්චර කඩේ ගියත්..., කොච්චර ගොට්ට ඇල්ලුවත් පොඩ්ඩ එහා මෙහා වුණු ගමන් ඉවරයි.. දැන් ඉති ඇතුලේ කට්ටිය හෝ ගාල වැඩ ඇති... අලුතින් එන කෙනාට ගොට්ට අල්ලන්න. ඔය කට්ටිය ඉතින් අපට නම් නම්වලින් වුණත් කියන්න පුළුවන්... හැබැයි ඉතින් නම කැත කරගත්තේ නැති සභාපතිලා ඔතන හිටියේ ටික දෙනයි.
ලොක්කා කියපු කෙනාට දෙන්නේ නැතිව වෙන කෙනෙක්ට දෙන්න ඇති මෙලහකට. අපි දන්නේ නැතුවයි කට්ටියගේ කෙරුවාවල්.. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා කී කාලයක් තිස්සේ දකිනවද?
වියතුන් වුණත් ගොඩ යන වීදිය ගොඩ ගිය දේවලින් ඉගෙන ගන්න වෙනවා. මම දන්න අවංක මිනිස්සු කිහිප දෙනෙක් දැන් ගෙදර...
මේ වෙනකොට ඇමතිගේ කූට්ටාලියෝ ටිකක් රිංගවන්න ලෑස්ති වෙලාත් ඇති...
ආවා වගේම යන්නත් වෙනවා.
අනේ අර ජගත් කියන ගායකයා කවුද ඔයා කියන විදිහට..?