(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් අවකාශය තුළ දෛනිකව ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කරන බැවින් ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඩුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ මෙන්ම රත්මලාන, පලාලි , සීගිරිය, කොග්ගල ආදී අභ්‍යන්තර ගුවන් තොටුපළ වලට ද මෙය වලංගු වන බව මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ගුවන් තොටුපළ අවට ප්‍රදේශ වල සිට ගුවනට යවනු ලබන සරුංගල් සහ ඒවායේ නූල් ගුවන් යානා වල අවර පෙති වල, ජෙට් ඇන්ජින්වල සහ අනෙකුත් විවිධ කොටස්වල පැටලීමෙන් සහ ගැටීමෙන් එම ගුවන් යානාවලට හානි සිදු වී ගුවන් අනතුරු ද ඇති විය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අපිට සරුංගල් අරින්න බෑ...?
සරුංගල් අරින්න විතරද තහනම්? සමනලුන්ට ප්‍රශ්නයක් නැතිද..?
මත්තලදී මොනරු පැටලිලා අහස යාත්‍රා කීපයකට කරදර වුණා. මොනරු කිව්වට ඇත්ත මොනරුයි, මොනර කොලයි දෙකම මත්තලදී පැටලිලා තියෙනවනේ...
කිලෝ මීටර් 05ක ප්‍රමාණයක සරුංගල් අප දැකලා නැහැ.
අපේ මිනිසුන්ගේ මෝඩකමට වැඩිය නහයට අහන්නේ නැති ගතිය නම් කැපිලා පේනවා. හරි දේ හරි විදිහට දකින්න බැරි පිස්සු මිනිස්සු ඉන්න රටක් මේක... මේ වගේ අය තමයි පාට කණ්ණාඩි පස්සේ දුවන්නේ...
ඇත්තටම මේ ඉතා වැදගත් තීරණයක්. මෙය විහිළුවක් සිතා අදහස් දක්වපු අයත් සිටිනවා. සරුංගලයක නූලක් වුණත් ඇති ගුවන් යානයක් අනතුරකට පත්වෙන්න.