(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළට විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපොළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .
මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02 ක් , දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා තිබේ .
මීට පෙර අවස්ථාව වල බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන් , තම ගමන් මලු රැගෙන , මෙම දුර පා ගමනින් , අව් වැසි මැද දුෂ්කර ගමනක යෙදුණු අතර , මෙසේ අපහසුතාවට පත් වී සිටි ගුවන් මගීන් ත්‍රිරෝද රථ සහ කුළී රථ රියැදුරන් විසින් විශාල මුදල් අයකර ගුවන් තොටුපළ වෙත රැගෙන යෑම ද සිදු කළහ .
මේ තත්වය ජනාධිපතිතුමා වෙත වාර්තා වීමෙන් පසුව , එතුමාගේ නිර්දේශ මත මෙම නව බස් රථ සේවාව ආරම්භ වී තිබේ . ඊයේ ( 30) සිට මෙය ක්‍රියාත්මක වේ.

COMMENTS
හොඳ වැඩක්... එකින් එක ඔය විදිහට හරි හදාගෙන යමු.. ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා කොච්චර හිටියද? මේ වෙනකොට. මොලයක් තියෙන කී දෙනෙක් හිටියද කියලා හිතාගන්න පුළුවන්...
බස් මාෆියා කාරයෝ නැතිකරලා හොද බස් සේවාවක් දාන්න හමුදාවේ කෙනෙක් දාන්න බැරිද ප්‍රවාහන අමත්‍යාංශෙට ...මේ ඉන්න ඇමති මොන නීති දැම්මත් වැඩක් නෑ ...සුභාවිත ගීත දාන්නන කීවා ,සෙමි ලක්ෂරි ජනවාරි 1 ඉදන් නෑ කිව්වා...ඔක්කොම නමට විතරයි...තවම ගොඩක් බස්කාරයෝ කන් අඩි පැලෙන්න සින්දු දානවා...
හොඳ වැඩක් ජනාධිපතිතුමනි !
ඔතන තියෙන පරණ දුම්රිය ස්ථානයත් නැවත විවෘත කළානම් හොදයි. මගීන්ට ලොකු පහසුවක් ඒක.
අනේ ඔය නාට්‍ය දැන් කී දෙනෙක් කළාද?
ඉතාමත් අගය කළයුතු දෙයක්. ස්තුතිය ජනාධිපතිතුමනි !
අගය කළයුතු තීරණයක්...
මීට බොහෝ කලකට පෙර තිබූ විශාල ප්‍රමාණයේ බස්රථ දෙකක් එකක් පිටවීමටත් අනික ඇතුළුවීමත් යොදවීමටත් පටන් ගැනීම හා අවසානය ප්‍රධාන බස් නැවතුම හා ආයෝජන ප්‍රවර්ධන දුම්රිය පොළ හරහා දහ අටේ කණුව ලෙස ගැනීමටත් ගත්තොත් ඇත්තටම මොලේ ඇති සේවාවක් වේවි...!!!
දුම්රිය ස්ථානයට වඩා කටුනායක බස් නැවතුම් පළට දැම්මා නම් හොඳයි. මගීන්ට පහසුයි. දුම්රිය එනකම් බලා ඉන්නවට වඩා...