(තිළිණි ද සිල්වා සහ ළහිරු හර්ෂණ)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රැපිඩ් පි.සී.ආර් පරීක්ෂණ අද (14) සිට ගුවන්තොටුපොළේදීම සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියාපසිටී.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ ගුවන්ගතවීමට අවම වශයෙන් පැය 04 කට පෙර ගුවන් මගීන් ගුවන්තොටුපොළ වෙත පැමිණිය යුතු බවය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අංශ ගෙන ඇති තීරණවලට අනුව සියලු පුද්ගලයින් එරටට පැමිණීමට පෙර කොවිඩ් පරීක්ෂණ සිදුකරගත යුතුවේ.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ පහසුකම් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය මගින් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.