
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දිවයින පුරා ගොවීන්ට නිකුත් කළ රුපියල් කෝටි 186 ක පමණ ණය මුදලක් අයකරගෙන (2019වර්ෂය වන විට) නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ.
විවිධ ක්‍රම හයක් යටතේ මෙම ණය නිකුත් කරනු ලැබ ඇත්තේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ බලතල අනුව බවද එහි දැක්වේ.
මේ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගොවිජන සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නිකුත් කළ රුපියල් කෝටි 1100 ක ණය මුදලින් කොටසක් දැනට අයකර ගැනීමට තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කර ඇත.
COMMENTS
පොලිටික්කෝ ටික පරණ බෝගම්බරට කොටුකලොත් සියලුම ගොවියෝ සම්පුර්ණ ණය මුදල් ගෙවලා ඉවර කරාවි.
ඔව් ඔව්... ගොවියෝ තමයි දැන් රටේ මුදල් අයතා පරිහරණය කරලා තියෙන්නේ.
වහල් ගොවියන්ට තමයි එහෙම ණයක් දීලා තියෙන්නේ... පුළුවන් නම් ගනිල්ලා උන් දෙයිද බලන්න...
අධ්‍යාපන සහතිකවලට පත්වීම් දුන්නාට පස්සේ ඔවුන්ගේ කුසලතා වර්ධනය හා ආකල්ප සේවයේ අවශ්‍යතාවයට අනුව සැකසීම සඳහා පුහුණුවක් දියයුතුයි.. නමුත් සේවා ස්ථානයේ හෝ කිසිම තැනකින් නවකයින්ට පුහුණුවක් දෙන්නේ නැහැ.. කවුරු හෝ ණය නිකුත් කරන්න කිව්වට අය කරන්න කියලා නැතුව ඇති. නිසියාකාරව සැලසුම් කිරීමෙන් තොරව කටයුතු කිරීමෙන් ඔහොම වෙනවා.. මෙහිදී දෙපාර්තමේන්තු ප්‍රධානියා වගකීම බාරගත යුතුයි. මේ සඳහාත් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රමාද ගාස්තුවක් අදාල වගකිවයුතු අයගෙන් අය කරන ක්‍රමයක් ඇතිකළ යුතුය... එසේම ආයතන සංග්‍රහය අනුවද රජයේ සම්පත් නාස්තියට ඉඩහැරීම වරදක්...