IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගංවතුර පාලනය කරන්න 30 වසරකට පසු තුම්මෝදර ලුණු බැම්ම විවෘත කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හැමිල්ටන් හරහා ඉදිකර තිබූ ලුණු බැම්ම ගංවතුර පාලන කිරිමට අද (11) දහවල් විවෘත කළ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ.අලහකොන් මහතා පවසයි.

මෙම ලුණු බැම්ම ඉහළට ලුණු ජලය ගලා ඒම වැළැක්වීම සඳහා හැමිල්ටන් ඇළ හරහා වසර 50 කට පෙර ඉදිකරන්නට ඇති බව කියයි.

ලුණු බැම්මට යොදා ඇති දොරවල් වසර 30 කට ආසන්න කාලයක් විවෘත නොකිරිමෙන් වැසි සමයන් වලදී නාත්තන්ඩිය නගරය හා තුම්මෝදර ඇතුළු ඉහළ ප්‍රදේශ කීපයක් ගංවතුරින් යටවී ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වන බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

කෙසේ නමුත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පළාත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මෙහෙය වීමෙන් කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ කිමිදුම් ඒකකය හා පුත්තලම 143 වන බල සේනාවේ යුද හමුදා සාමාජිකයින් දැවැන්ත මෙහෙයක් යොදවා දොරටු විවෘත කිරිම සිදුවුයේ ප්‍රදේශ වාසීන්ගේ ද සහාය එක්කර ගනිමිනි.

මෙම හැමිල්ටන් ඇළ ඕලන්ද ජාතිකයින් අත්පත් කරගෙන සිටි සමයේ දී වෙළඳ භාණ්ඩ රැගෙන ඒම සඳහා භාවිතා කළ බව කියයි . ඕලන්ද ජාතිකයින් මෙම  ඇළ ඉදිකිරිම නිසා  එයට ඕලන්ද ඇළ ලෙස නම් කර ඇති බව කියයි.

ඉන්පසුව එය හැමිල්ටන් ඇළ ලෙස භාවිතා කර ඇති බව පැවසෙයි. කෙසේ නමුත් පසුව මෙම හැමිල්ටන් ඇළ නිසි ප්‍රතිසංස්කරණයක් නොමැති වීමත් භාවිතා නොවීමත් සමඟ ගොඩවීමක් සේම  ජලජ ශාක වලින් අද වැසි විනාශ වී ඇති බව ජනතාව පවසයි .



අදහස් (7)

ගංවතුර පාලනය කරන්න 30 වසරකට පසු තුම්මෝදර ලුණු බැම්ම විවෘත කරයි

බද්රානි Friday, 11 September 2020 01:19 PM

ඇත්තම කියනවා නම්, ලංකාවේ මිනිස්සු හරිම මෝඩ ජාතියක් මෙන්ම පව් ගෙවන්නම ඉපදුණු මහ ජාතියක්. දැන් ඔය ගොඩවෙලා තියන හැමිල්ටන් ඇළ, පායන කාලෙකට කපලා සුද්ද කළා නම් අද ඔය ගං වතුරේ බැහැගෙන පව් ගෙවන්න ඕනෑ නැහැනේ. ඔය වගේම තමයි පාරවල් වල කාණු කපන්න ගන්නෙත් වැහැලා ගංවතුර ගලන විටයි. ඉතින් මඩකරියෝ වගේ පළාතම මඩකරලා විනාශ කරනවා. ඒ අස්සේ කපන පස් ටිකත් මංකොල්ල කනවා. ගංවතුර කියන්නේ සමහරක් අමනයින්ට ඉල්ලමක්. දැන් ඔතන ඔය ලුණු බැම්ම ඇරියාම, ලවණ ජලයට මිශ්‍ර වෙලා ඔය පළාතම විනාශ වෙන්නේ නැද්ද? ඔය බැම්ම හදලා තියෙන්නේ ඇයි කියලා හිතුවොත් උත්තරය ලැබෙයි. කොහෙද ඉතින් හිතන්න තරම් මොළ තියන අය ඉන්න එපැයි, මේ රටේ නේද?

:       629       468

kamalSaturday, 12 September 2020 06:14 PM

මේ ගේට්ටුවේ දොරවල් ගං වතුර ඇතිවිට එම ජලය මුහුදට ගලායාම සඳහා විවෘත කළ යුතුයි. ගංවතුර ඇතිවිට මුහුදුජලය ගොඩබිම දෙසට පැමිණීම අඩුයි. ගංවතුර තත්වය පාලනය වූවාට පසු ගේට්ටු වසා දැමිය යුතුයි.

:       0       12

Wca Friday, 11 September 2020 08:45 PM

යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ...

:       0       0

dhamneth Saturday, 12 September 2020 05:43 AM

යුරෝපා ජාතිකයින් මෙහි සිටි කෙටි කාලයේදී කළ දේවල් බලපුවාම කතාව මිසක් වැඩ නැති බවයි පෙනෙන්නේ.

:       0       3

Hamilton Sunday, 13 September 2020 03:10 AM

ඔය ඇල නඩත්තු කිරීමට නෙදර්ලන්ත රටෙන් තවම වාර්ෂිකව ලොකු මුදලක් ගෙවනවා නේද? මම හරි නම් ඒ සල්ලිවලට මොකද වෙන්නේ?

:       0       9

Karunarathna Gampola Sunday, 13 September 2020 04:54 AM

බද්‍රානි මහත්මියනි, ලුණු බැම්ම ඉදිකර ඇත්තේ, නාත්තණ්ඩිය මැතිවරණ කොට්ඨාශයේය. මා දන්නා තරමට ඕලන්ද ජාතිකයින් මෙය තනා ඇත්තේ කොළඹ සිට රට ඇතුළට භාණ්ඩ ප්‍රවාහනයටත්, විශේෂයෙන්ම කොළඹට ‘ලුණු‘ ගෙනයාමටත්ය.

:       0       1

kamal Sunday, 13 September 2020 07:59 AM

ලුණු වතුර මිශ්‍රවෙලා බවබෝග විනාශ වෙලා... පරම්පරා ගාණක් යනකම් විඳවන්න ලෑස්ති වෙමු...

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site