(රොමේෂ් මධුෂංඛ)
මේ වසරේ ගෙවුණු මාස 06 තුළ කාලයේදී පමණක් නාවික හමුදාව විසින් පමණක් කේරල ගංජා කිලෝ 2,915 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයෙන් වැඩිම ප්‍රමාණයක් උතුරු මුහුද කේන්ද්‍ර කරගනිමින් උතුරු මුහුද වටා සිදු කරන ලද සෝදිසි කිරීම් වලදී අත්අඩංගුවට ගත් බවටත් එම ප්‍රමාණය කිලෝ 2, 000 කටත් වැඩි බවටද නාවික හමුදාව පවසයි.
කේරල ගංජා වැඩි වශයෙන් ඉන්දියාවේ සිට ජාවාරම් කරුවන් මුහුදු මාර්ගයෙන් රැගෙන එන බැවින් ඉන්දියාවේ සිට ආසන්නම ප්‍රදේශය වන්නේ උතුරු මුහුදු තීරය හෙයින් ජාවාරම් කරුවන් වැඩි වශයෙන් ඉන්දියාවේ සිට රැගෙන එන කේරළ ගංජා උතුරු ප්‍රදේශයේදී ගනුදෙනු හා හුවමාරු කිරීම් සිද් වෙයි.
උතුරු මුහුදට රැගෙන එන කේරල ගංජා තොගයන් විවිධ වූ සූක්ෂම මාර්ගයන් ඔස්සේ ඉතා රහසිගතව දිවයිනේ විවිධ ප්‍රදේශයන් වෙතට ප්‍රවාහනය කෙරෙනු ඇති බවට ආරක්ෂක අංශ වලට තොරතුරු වාර්තා වෙයි.





COMMENTS