මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය බත්තරමුල්ල ‘ගොවිජන මන්දිර’ ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරිමේ උත්සවය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පැවැත්විණි.
රාජ්‍ය සම්පත් සකසුරුවම් ලෙස භාවිතා කර වියදම් අඩුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් සමරුඵලකය විවෘත කිරිම සිදුකරනු ලැබිණි.




ඡායාරූප - ගයාන් අමරසේකර
COMMENTS
මහජන මුදල් නාස්ති කරමින් මේ නොහොඹිනා උත්සව.. එක එක අයගේ නම් ගම් සහිත අර පාලක, මේ පාලක විවෘත කිරීම් කවදා අපගේ මාතෘ භූමියෙන් තුරන් වේද? තොරතුරු දැනගැනීමේ අටමගලේ යටතේ මේ සඳහා කාගේ මුදල් වියදම් වුනේද යන්න අප චමල් උන්නැහේගෙන් විමසීමට කැමැත්තෙමු. මෙම අදහස් රටේ මුල්පුරවසියාට ඍජුවම කියවීමට හැකි වේවා..!!!
වටේ ඉන්න සමහර අයගේ දුක්මුසු මුහුණු ටික බැලුවාම තේරෙනවා පහුගිය කාලේ ගොඩනැගිල්ලෙන් එයාලා කාලා තියන ප්‍රමාණය...
මේ ගොඩනැගිල්ල කලින් හදපු එකක් නේද? මේවා විවෘත්ත කිරීමටත් දේශපාලුවන් අවශ්‍ය නැත. මහන්සිවී වැඩකරන, හොරවංචා නැති වැසියෙකුට අවස්ථාව දෙන්න. ඉතිරි කෙරුවත් අවසානයේ ජනතාවට ඉතිරි වෙන්නේ බිත්ති හතර විතරයි... මේ පුද්ගලයින් ජේ.ආර්. ප්‍රේමදාස වැනි ජනාධිපතිවරුන් ඉද්දී... කොහේද හිටියේ? දන්නේ නැති නිසයි අහන්නේ...? අයියා ජනාධිපති වුණු ගමන් සියලුම දෙන දේශපාලුවන් වුණා. මැජික් එකක් වගේ. මැතිවරණයෙන් පස්සේ ජනතාවගේ දෙලොව රත්වෙයි.. පෝලිමේ ඉන්නවා තනතුරු රට කන්න.
උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ කෙලින් වෙන්නේ නැහැ කියනවනේ. මොනතරම් වියදම් අඩුකරනවා, උත්සව අඩුකරනවා කිව්වත්, පරණ ගොඩනැගිල්ලකට තීන්ත ගාලා පීත්ත පටියක්වත් කැපුවේ නැත්නම් නින්ද යන්නේ නැහැ වගේ...
රාජ්‍ය සම්පත් සකසුරුවම් ලෙස භාවිතා කර වියදම් අඩුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි. අම්මෝ මෙහෙම සීග්‍රගාමී ජනාධිපතිවරයෙක් ! ජනාධිපතිවරණය තිබුනේ 2019 නොවැම්බර් අගදී. ගෝඨා මහත්තය විශ්වකර්ම දේවපුත්‍රයාටත් වඩා ඉක්මනට මේ බිල්ඩිම ඉදිකර, 2020 ජනවාරි අන්තිමට පෙර එහි පදිංචිය වෙනුවෙන් බාරදීම, ගිනස් වර්තාපොතට ඇතුල්කරොත් නරකද? මේ වගේම ඉතාම ඉක්මණට අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩවල මිළ ගණන් පහත හෙලා ජනතාවට සීඝ්‍රගාමී සහන දීමටත් එතුමාට පුළුවන් වේවා කියා පතමු...
නමින් ගොවිජන මන්දිරය වුවද ගොවියා මහපාරේය. මන්දිරයේ සිටින්නේ හාල්පාරුවන්ය...
රාජ්‍ය සම්පත් සකසුරුවම් ලෙස භාවිතා කර වියදම් අඩුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි. මොකවද බන් මේ අන්දන්න හදන්නේ බොරු බයිලා ගහලා... වැඩනොකරන එක ආවත්, වැඩ කරන්න කියලා ආවත්, විරුවෙක් ආවත්, විරු හොරෙක් ආවත් මොකක් ආවත් බොරුවයි, හොරකමයි, නාස්තියයි. පරණ ගොඩනැගිල්ල තීන්ත ගන්න ඇති. ජනතාව ගොනාට අන්දන්න එක්කෝ ආණ්ඩුව නැත්තන් බොරු ප්‍රචාර... මෙතන පරණ ගොඩනැගිල්ලට ඇවිල්ලත් බොරු වියදම්, මාධ්‍ය සංදර්ශන වැඩ හා සේවාව නැහැ. ආකල්ප වෙනස් කරගන්නේ නැතිව එකෙක්ගෙන්වත් වැඩක් නැහැ. පුලුවන්නම් ඇමතිගේ ඉඳන් සුළු සේවකයා දක්වා වියදම්, වාහන නඩත්තු, ගොඩනැගිලි නඩත්තු සකලවිධ ඔබ ආයතනයෙන් කරන වියදමට රටේ ගොවි ජනතාවට සැබෑවටම ලැබෙන සේවය සංසංදනය කරපල්ලකෝ... වැඩි ප්‍රතිශතයක් යන්නෙත් බොරු ව්‍යාපෘති නම් යටතේ කොරන මගුල් වලට යන ප්‍රචාර, රැස්වීම්, උත්සව විතරයි. ඵලදායි වැඩේට අන්තිමට සල්ලි නැහැ.
ඇත්තටම මේ ගොඩනැගිල්ල හදන්න පටන් අරගෙන ඉවර කරන්න ගියෙත් මාස දෙක හමාරද? අනික මේ පුවරුව හරියට ප්‍රචාරක දැන්වීමක් වගෙයි. රාජ්‍ය සම්පත් සකසුරුවම් ලෙස භාවිතා කර වියදම් අඩුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මේක කළා කියලා කිව යුතුද? එකම වියදම් අඩුව නම් ඉස්සර භාෂා තුනකින් කියන විස්තර දැන් එක භාෂාවක් මගින් කියන එකයි.
මහන්සි වී වැඩකරන, හොරවංචා නැති වැසියෙකුට අවස්ථාව දෙන්න.. දුමින්ද සහ රනිල් මැතිඳුන්ද සමග සබීතා මහත්මියද?
මේ ඵලකය සඳහා වියදම කීයක් විතර වෙයිද? මම නම් කියන්නේ ලක්ෂයකට වඩා වැඩියි. හොඳ සකසුරුවම...