හර්ෂණ තුෂාර සිල්වා
‘ගාලු කතිකාව - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය’ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අද (22) පෙරවරුවේ ආරම්භ විය.
ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නවවැනි වරටත් මෙම කතිකාව සංවිධානය කර තිබිණි.
“සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම” යන්න මෙවර ගාලු කතිකාව සම්මන්ත්‍රණයේ තේමාව ලෙස නම් කර ඇත.
සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිය ආරම්භ කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පිළිගැනීමේ කතාව කළ අතර රණසිංහ මහතා සම්මන්ත්‍රණයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක් ද කියවීය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
මෙහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් සහ දෙස් විදෙස් ආරක්ෂක ප්‍රධානීහු ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
සාගර දැක්ම, සාගර පාලනය, ඉන්දීය සාගරය සහයෝගයෙන් කළමනාකරණය කළ හැකි ද?, මානුෂීය සහාය සහ ආපදා සහන, නීල ආර්ථිකය, සාගර පාලන ප්‍රදේශය පිළිබඳ අවබෝධය යන තේමා යටතේ සැසිවාර පැවැත්වීමට නියමිතය.
‘ගාලු කතිකාව - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය’ අඟහරුවාදා (23) අවසන් වේ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2545
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘ගාලු කතිකාව’ ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි
upali Monday, 22 October 2018 12:26 PM
ඔය කතිකාව පටන් ගත්තේ ගෝඨා නේද?
rohana Tuesday, 23 October 2018 04:02 AM
උපාලි ඕක පටන් ගත්තේ ගෝඨා නෙවෙයි නොදන්නා දේට කට දාන්න එපා. අපේ පාලකයෝ නොදැනුවත් කම හෝ දැනගෙන රටට ආදරේ නැති නිසා කොමිස් වලට තිබෙන ආදරේ නිසා තමයි. හම්බන්තොට සහ කොළඹ වරාය වල චීනුන්ට දුන්නේ. සිතියම් ගැන දැනුමක් තිබේනම් කරුණා කර සාගරික සිතියමක් ගන්න එහි ඔබටම බලාගන්න පුළුවන් ලංකාව ලඟින් සහ සිංගප්පුරුව ලඟින් කොතරම් වෙළඳ නැව් යනවාද කියලා ඔවුන් ( සිංගප්පුරුව) එම නැවු වලට වතුර, තෙල් , ආහාර., අමතර කොටස්, සහ අලුත් වැඩියා සඳහා විශාල මුදල් ප්‍රමාණයක් එම රටට ගන්නවා. එම නැවු යන්නේ ලංකාව ලඟින් නම් ඇයි අපිට බැරි ඒ සියලු දේවල් සපයා මුදල් උපයන්න. මහත්වරුනි එදා සහ අද කිසිම පාලකයෙක් මේ රටට ආදරේ නැත ඒකයි ඇත්ත.