ඩී.ජී.සුගතපාල
ගාලු කොටුවේ ගොඩනැගිලි සියයට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශීකයින් විසින් මිලට ගෙන ඇති බවත් මෙයට පෙර තුන් දහසකට ආසන්න ජනගහණයක් සිටි කොටුවේ ජනගහණය ද එක් දහස් පන්සියකටත් වඩා අඩුවී ඇති බවත් ගාලු උරුමය පදනම පවසයි.
තැරැව්කරුවන්ගේ මැදිහත්වීම නිසා කොටුවේ පර්චසයක් මේ වනවිට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන බවද නඩු තිබෙන ගොඩනැගිලි ද තැරැව්කරුවන් විසින් විදේශිකයින්ට රවටා විකිණිම නිසා ඒවා මිලට ගෙන ඇති විදේශිකයින් ගැටලු රැසකට මුහුණ තිබේ. ඒ හේතුව නිසා ආයෝජකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද ගාලු උරුමය පදනමේ නිලධාරියකු පැවසීය.
එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ රජයේ ආයතන පවත්වා ගෙන යන ගොඩනැගිලි 37 ඇතුළු ගොඩනැගිලි හාරසිය පනහක් පමණ කොටුවේ තිබෙන අතර ඒවායින් සියයකට අධික ප්‍රමාණයක් මේ වනවිට මෙසේ විදේශිකයින් විසින් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බවයි.
නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැරණි ගොඩනැගිලි විනාශ කරන ලද අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ වන විටද එවැනි නඩු කිහිපයක් පවරා තිබේ. මෙම ගොඩනැගිලි ලන්දේසි සහ ඉංග්‍රිසි යුග වලට අයත් පුරා විද්‍යාත්මක වටිනා කමින් යුත් ඒවාය.
COMMENTS
යහපාලනයේ අනුහසින්..!
විකුණලා තියෙන්නේ ගාල්ලේ හාදයෝ . චීනට රට සින්නක්කර විකුණනකොට ගෝලයෝ ගාල්ලට වැඩේ දීලා
අපේ මිනිස්සුන්ට සල්ලි ලැබෙනවානම් ඕන දෙයක් කරනවා.
ගාල්ල විතරක් නෙවෙයි. මුළු රටම සුද්දන්ට ලියලාම දෙන්න වෙයි ඉස්සරහට.
විකිණීම තහනම් කල යුතු අනිවාර්ර්ය කාරණයක් වසර 25 කට බද්දට දුන්නට කමක් නැත
පුදුමයි ලොක්කන්ගෙන් බේරුන එක...
සින්නක්කර ඉඩම් විදේශිකයන්ට විකුණන එක දකුණේ අයගේ ජීවන උපාය වගේ...
ඉස්සරහට ජාතික ගී කීයක් ගයන්න වෙයිද දන්නේ නැහැ. එහෙමත් නැතිනම් ජාතික කොඩියට තවත් වර්ණ එකතු කරන්න වෙයිද දන්නේ නැහැ.
අර සුනිල් ආරියරත්නගේ සින්දුවේ කියන විදියට තව ටික කාලෙකින් අපේ අය සීගිරියත් විකුනනවා මෙන්න කැට !
අනේ හපොයි... අපේ උරුමය ඉවරයි. කමක් නැහැ ඒවා ගත්ත කට්ටිය හොඳට ආරක්ෂා කරලා තිබ්බොත් හොඳයි.
මේක අද ඊයේ වෙච්ච දේවල් නොවේ. 2000 ගණන්වල ඉඳන් වෙච්ච් දේවල්.
අපේ රට කෑලි කඩලා විකුනන බව කවුරුත් දන්නව ඇති. ඒ හින්ද පෘතුගීසි හරි ලන්දේසි හරි ඇවිත් ඉස්සර කරපු දේ වෙනස් විදිහකට කරන්න හදනවා ඇති.
තමන්ගේ ඉඩමක් තමන්ට අවශ්‍ය නම් එය තව කෙනෙකුට විකිණීමේ ඇති වරද කුමක්ද? එසේනම්, ඔය ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රලියව වැනි රටවලට සංක්‍රමණය වූ ලාංකිකයින් ඒ රටවල ඉඩම් සහ නිවෙස් මිලදී ගෙන තිබීමත් වරදක්ද?
ඔවු ඉතින් ඔහොම යනකොට කොහෙවත් ඉන්න අය ටිකක් ඇවිත් කියාවි මේ රට ඒ අයගෙය අපිට කියාවි ඔයාල යන අහක යන්න කියල.
විදේශිකයෝ අඩු තරමේ සල්ලි දීලා අරගෙන තියෙන්නේ. උතුර දෙන්න යන්නේ නිකම්මනේ?
විදේශිකයෝ මිලදී ගන්නම ඕන අපේ දෙයක වටිනාකම අපිටම තේරෙන්න
මම දන්නා විදිහට මේක අද ඊයේ දෙයක් නෙමෙයි. මීට වසර 10 ට පමණ කලින් ගාලු කොටුවේදී හමුවුන මුස්ලිම් ජාතික වැඩිමහලු මහත්මයෙක් අප සමග කීව මේ කතාව.
විදේශිකයෝ කියන්නේ අපේ රටේ නොවන ඕනෙම කෙනෙක් ...
මිනිස්සු ළඟ සල්ලි නැහැ. සල්ලි ටිකක් හොයාගන්න ලේසිම ක්‍රමය තියන දෙයක් විකුණන එක.. මේකෙදි දෙපැත්ත ගැනම හිතන්න ඕනේ...
දේශපාලකයින් ගුවන් තොටුපළ, වරාය, බැංකු කොල්ල කාලා රට බේරාගත් හමුදා නායකයින් හිරේට දානවා. රටේ ඉඩම් විකුණනවා. ඒ විතරක් නොවේ. රටත් දෙකඩ කරන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා නම්. අපටත්, රටටත් අබසරණයි...
විදේශිකයින් කියන්නේ සිංහල නොවන ඕනෑම කෙනෙක්...