(ඩබ්ලිව් එ අසේල)
ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (19) උදෑසන ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දස දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර කර සිටී.
ගලහ රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් වයස දරුවෙක් මියයාම නිසා කුපිත වූ පිරිසක් පසුගිය අගෝස්තු 28 වැනි දින ගලහ රෝහලට පහර දී අලාභහානි සිදු කළ අතර අනතුරුව දිගින් දිගටම සිදු කරන පරීක්ෂණ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියෙන් පසු වසා දැමුණු රෝහල මේවන තුරු යළි විවෘත කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සැකකරුවන් දස දෙනාම රක්ෂිත බන්ධනාගාර ගතකරලා. එදා බීමත්ව රිය පැදවූ ඩොක්ටෝර් තාම රෝහල් ගතකරලා. මාර නීති...
දරුවා මරාපු මිනීමරු දොස්තරලට උසස් වීමද? මිලේච්ජ ගෝත්‍රිකයින්ගේ සමාජයක මෙවැනි සිදුවීම් සාමාන්‍ය දෙයක්. ඔය කියන කලහකාරීන් කිසිවෙක් රෝහලට අලාභ හානි කිරීමේ අරමුණු ඇතිව එතනය ගිය අය නොවෙයි. නමුත් එතන තිබු වාතාවරණය තුල සෑම දෙයින්ම අසරණවී සිටින ජනතාවගේ හැසිරීම සාධාරණයි. සිදුවීමට හේතුව හොයා ඊට පිළියම් යෙදීම හෝ දඬුවම් කිරීමට වඩා, සිදුවීමට දඬුවම් කිරීම අං සහිත සිව්පාවන්ගේ සාමාන්‍ය ක්‍රමවේදයනේ ??