(කාංචන කුමාර ආරියදාස සහ මොහොමඞ් බුහාර්ඩින්)
ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව ප්‍රදේශයේදී අද (28) වෑන් රථයක්, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, කුකුළු ගොවිපළක සේවය සඳහා කාන්තාවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද , මාර්ගය අසල නවතා තිබූ තවත් ත්‍රිරෝද රථයක් සහ මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් බව පොලීසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර වෑන් රථයේ රියදුරු, ත්‍රිරෝද රථයක රියදුරු, යතුරුපැදියේ රියදුරු සහ රථ දෙකේ ගමන් ගත් කාන්තාවන් 8 දෙනෙකු වන බව පොලිසිය කියයි.
මොරගොල්ල දෙසින් මෙම වෑන් රථය ඇඟලුම් කර්මාන්ත ශාලාවක තරුණියන් ප්‍රවාහනය කරමින් තිබියදී ගලේවෙල දෙසින් මොරගොල්ල දෙසට කුකුළු ගොවිපලක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තිබේ.
අනතුර වන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ හත්දෙනෙකු ගමන් කරමින් සිටි බව ත්‍රිරෝද රථයේ රියදුරු සහ තුවාල ලැබූ අය ප්‍රකාශ කළේය.
අනතුරක් සමග පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක් ද ත්‍රිරෝද රථයේ ගැටී නවතා තිබූ තවත් ත්‍රීරෝද රථයක ගැටුණු බව අනතුර ඇසින් දුටුවෝ පවසති.
අනතුරුදායක වංගුවක් සහිත ස්ථානයක රියදුරන් අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම මෙන්ම ත්‍රිරෝද රථයේ පුද්ගලයන් හත්දෙනෙකු ප්‍රවාහනය කිරීම නිසා අනතුරු වළක්වා ගැනීමට නොහැකි වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
තුවාල ලැබූවන් සියලුදෙනා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු දඹුල්ල මූලික රෝහලට මාරු කර තිබුණු බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
රිය අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




2025 නොවැම්බර් මස 17
115
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
959
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2564
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගලේවෙලදී වාහන 4ක් ගැටී 11 කට තුවාල
Ranjan Wednesday, 28 August 2019 08:03 AM
කාලකන්නි රියදුරන් සහ මාර්ග නීති පිළිනොපදින ජරාම ජරා අය ලෝකයේ කිසිම රටක නැත. මොවුන්ව මර්දනය කළහැකි වන්නේ ඔවුන්ගෙන් පගාව නොගෙන බලපත්‍ර කැන්සල් කිරීමයි.
RaveendraWednesday, 28 August 2019 10:39 AM
ඔබගේ අදහස් 100% නිවැරදි වුනත් අප රටේ නම් මෙය සිදුනොවෙන බව 200% විශ්වාසයි... ප්‍රධානම හේතුව වන්නේ "වංක පොලිස් " නිලධාරීන්ගේ මුදල් වෙනුවෙන් තම නිලඇඳුම පාවාදෙමින් කරන නොහොබිනා ජඩවැඩ නිසාය. (අවංක නිලධාරීන් ඉතාමත් අතලොස්සක් සිටින මෙවන් ආයතනයක ඔවුන්ට අපගේ මෙම අදහස් වලින් සිත් තැවුලක්, කණගාටුවක් ඇති වුණානම් අප ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින්නෙමු.). නීතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් මෙවැනි තිරිසන් රියදුරන් මුළුරටින්ම තුරන් කිරීම එතරම් අපහසු නොවෙන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.