
(ඩී.ජී.සුගතපාල)
විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකිමේ ජාතික සංවිධානය විසින් අද (14) දහවල් ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ චක්‍රලේඛ අනුව 2016 සිට 2020 කාල සීමාව තුල සිදු කරන ලද වැටුප් වැඩි කිරිමේදි විශ්‍රාමිකයින්ට හිමි වැටුප් වැඩි කිරිම් සහ හිඟ දිමනා විශ්‍රාමිකයින්ට මෙතෙක් ලබානොදි ඇති බැවින් එය ලබාදෙන ලෙස ඉල්ලා ඔවුහු මෙලෙස විරෝධාවයෙහි නියැලුණහ.
එහිදි එම සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් කැඳවුම්කරුවන ලිලානන්ද අතුකෝරාල මහතා කියා සිටියේ හිඟ වැටුප් සහ දිමනා 2020 ජනවාරි මාසයේ සිට ගෙවන බවට විශ්‍රාමික හිමිකම් සහතික පත්‍රයේ ලිඛිතව සඳහන් කර තිබුනත් චක්‍ර ලේඛයකින් එය අහෝසි කර ඇති බවයි.
මෙය අසාධාරණ බවත් තමන්ගේ ඉල්ලිම ලැබෙනතුරු අඛණ්ඩව සටන ගෙනයන බවත් ඒ මහතා කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.