
(ජේ.කේ.එල්. චාමින්ද)
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මාසයේ 18වැනිදා දක්වා තවත් සතියක් වසා දැමීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා කීවේය.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් අද(11) දක්වා වසා දැමීමට මීට පෙර තීරණය කොට තිබුණි. පවතින කොරෝනා වසංගත තත්වය පිළිබද සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නිර්දේශ මත ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 26ක් තවදුරටත් වසාදමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසීය.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීන්දුව ගත් බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd