(ජී.ඩබ්ලිව් කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම නිසා ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාට නිරෝධානයට හා පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව පැවසූ විට ඒ මහතා එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගාල්ලේ කොරෝනා පාලනය සම්බන්ධව ගැටලු සහගත තත්වයක් මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පැවසීය.
සෞඛ්‍ය නීතිරීති අනුගමනය නොකරමින් තම සුපුරුදු රාජකාරිවල නගරාධිපති නිරතව ඇති බවද හෙතෙම කීය.
වෛද්‍ය මංජුල ද සොයිසා මහතා තවදුරටත් පැවසූයේ ගාල්ල නාගරිකයේ පළමු පුරවැසියා මෙසේ හැසිරීම කනගාටුවට කරුණක් බවයි.
මේ සම්බන්ධයෙන් ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ කීය.
“මට කවුරුවත් නිරෝධායනය වෙන්න හෝ පීසීආර් කිරීමට උපදෙස් දුන්නේ නැහැ. නගර සභාවේ සේවකයන් 16දෙනෙක් නම් නිරෝධනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පිට ලක් කළා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ එක රටක එක නීති...?
ගාල්ල නගරාධිපතිතුමා කවදාවත් නීතියට පිටින් වැඩ කරන කෙනෙක් නොවෙයි. ඔය මාෆියා දොස්තර කල්ලිය දේශපාලන කෝන්තරයක් පිරිමහ ගන්නයි ඔය හදන්නේ? කොහොම වුණත් මේ රටේ කෝවිඩ් මර්දනයට ඔය මාෆියා කල්ලිය කළ දෙයක් නැහැ. තනතුරු, තානාන්තර ලබාගෙන රාජ්‍ය තන්ත්‍රයේ ඉහළින් වැජබීම තමයි ඔවුන්ගේ පරමාර්ථය. ලංකාවේ ගුණයහපත් වෛද්‍යවරුන්ගේ උපදෙස් හැරුණු විට, දොස්තර මාෆියාවේ උපදෙස් අපට අවශ්‍ය නැහැ. අපි අපි ගැන බලා ගන්නම්, ඔබලාගේ නින්දිත දේශපාලනය ඔහොමම කරගෙන යන්න අර වඳ දොස්තරලත් එක්කම...
මහජන සෞඛ්‍ය නිලධාරී මහත්වරුනේ..., ඇයි ඔය උද්දච්ඡ මෝඩයාගේ කන පැලෙන්න දෙකක් ගහලා, බෙල්ලෙන් ඇදගෙන ගිහින් පී.සී.ආර්. පරීක්ෂණයට නහයට කූරක් බස්සලා පටල අරගත්තේ නැත්තේ...? නිරෝධායනයට අකමැති නම් නගර සභාවේ වැසිකිළියට දාලා දවස් 15 ක් දොර ලොක් කරලා තියන්න.
උප නගරාධිපති මුස්ලිම් නිසා එය සම්බන්ධ වෙච්ච ප්‍රශ්නේ කොච්චර දුර ගෙනිච්චද?
මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.