IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාල්ලේ ගම් ‌දෙකක වැසියෝ නිවසටම කොටුවෙති

(සිරංගිකා ‌ලොකුකරවිට)
 
මහ වැසි හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ හපුගල පොල්දූව වත්තේ පවුල් 76ක් සහ පින්නකොල දූව වත්තේ පවුල් 28ක් කොටුවී සිටිතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වක්වැල්ල දූවවත්ත සහ උක්වත්ත බිම්බිරිගොඩ ගම්මානවලට යන මාර්ග ද මුළුමණින්ම ජලයෙන් යටවී තිබීම හේතුවෙන් ඒවායේ පදිංචි සියල්ලන්ට නිවසින් පිටතට යා නොහැකිව කොටුවී සිටිතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
 
හෝලුවාගොඩ දේවගිරි විහාර මාවත ජලයෙන් යටවීම හේතුවෙන් හෝලුවාගොඩ ප්‍රදේශයේ පවුල් ගණනාවක් කොටු වී සිටිති. ඇතැම් මාර්ගවල අඩි හයක් පමණ උසට ජලය පවතින බවද දැනගන්නට ඇත.  
 
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයවීමෙන් ඔවුන්ට පිසූ ආහාර, වියළි ආහාර, ඖෂධ අතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සිදුකරන අතර අවට ගම් වැසියෝ ද මෙම කටයුතු සඳහා සිය දායකත්වය සපයති.

 

 



අදහස් (0)

ගාල්ලේ ගම් ‌දෙකක වැසියෝ නිවසටම කොටුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 179 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site