(ඩි.ජී.සුගතපාල)

ගාල්ල දිස්ත්‍රික්කයට පවතින ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතක් නාය යාමේ අවදානම් කලාප ලෙස නම්කළ බව   ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පවසයි.

ඇල්පිටිය,නෙළුව,බද්දේගම,තවලම,යක්කලමුල්ල,නාගොඩ සහ නියාගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මෙසේ අවදානම් කලාප ලෙස නම්කර තිබේ.

මේ වනවිටත් ගාල්ල දිස්ත්‍රික්කයට අධික වැසි පවතින අතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ගතවු පැය විසි හතර තුල මිලි මිටර් ද‍ෙසියය ඉක්මවු වර්ෂාපතනයක් ලැබි ඇති බව ද ඒ් මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයට අධික වර්ෂා පතනයක් ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇති අතර එසේ අධික වැසි තත්වයක් ඇති වුවහොත් උඩුගම, මාපලගම, බද්දේගම, නාගොඩ, උනන්විටිය ,වැලිවිටයදිවිතුර,හෝලුවාගොඩ ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවය.