( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්සේදී පුද්ගලයින් තිදෙනකුට මරු කැඳවමින් තවත් 7 දෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධිට සැක අනතුරු සිදු කළ බව පැවැසෙන රියදුරු කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට ගිය අවස්ථාවේදී මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් රෝහලේදී නොසන්සුන්කාරීව හැසිරීමෙන් කලබලයක් ඇති වු බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පැවසීය.
සැකකකරුගේ පාද වලට බරපතල තුවාල සිදු වී තිබීම හේතුවෙන් ඔහු අද (09) සවස් වන විටත් හදිසි අනතුරු එකකයේ ප්‍රතිකාර ලැබු බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
නමුත් ඔහු වාට්ටුවට මාරු කිරීමෙන් පසු කොහුවල පොලීසියෙන් ආරක්ෂාව ලබා දීමට නොහැකි බව දැනුම් දීමෙන් අනතුරුව එම රෝගියගේ මෙන්ම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට පියවර ගත් බවද හෙතෙම පැවැසීය.
නමුත් මිය ගිය අයගේ ඥාතීන් ගිලන් රථයට හදිසි අනතුරු අංශය වෙත ළඟාවීමට නොදී නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් ඒ මොහොතේ එම කාර්ය සිදු කිරීමට නොහැකි වුවද රෝගියා ජාතික රෝහලට මාරු කිරීමට පියවර ගන්නා බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 17
111
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
954
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2555
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගල්කිස්සේ අනතුර කළ රියදුරු කොළඹට මාරු කරන්න යාමේදී කලබලයක්