IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගුරු - විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

(මුදිතා දයානන්ද)

ගුරු - විදුහල්පති අතුරු වැටුප් චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලික කරගනිමින් ගුරු විදුහල්පති සංගම් 30 ක් හෙට (26) දීපව්‍යාප්තව ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර තිබේ.

එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන අතරතුර හෙට පෙරවරු 9.30 ට බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය අසල සිට ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනක් පැවැත්වීමටද එම වෘත්තිය සමිති සංවිධානය කර තිබේ.

ගුරු විදුහල්පති ගැටලු මුල් කරගනිමින් පසුගිය වසරේ මාර්තු 13 සහ සැප්තැම්බර් 26 , 27 යන දිනවලද ගුරු සංගම් 27 ක් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවූහ.

එම ගැටලු විසඳීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන ලද කමිටුවේ නිර්දේශ පරිදි වැටුප් විෂමතා ඉවත් කරන තෙක් අතුරු වැටුපක් ගෙවීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු එම කමිටුවේ නිර්දේශ කිසිවක් මෙතෙක් ඉටු නොවු බවද ඒ අනුව පෙර දැනුම් දුන් පරිදී අද දිනයේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවද ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ලංකා ගුරුසේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරුසංගමය, විදුහල්පති සේවා සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, වතු ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ගුරු විමුක්ති පෙරමුණ, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, නැගෙනහිර පළාත් ද්‍රවිඩ ගුරු සංගමය ඇතුලු ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව ඇති බවද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ගුරු - විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site