(රංජන් කස්තුරි)

උපාධි ධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය අත්හිටුවීමට තිරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

දකුණු පළාත,බස්නාහිර, නැගෙනහිර සහ උතුරු මැද පළාත යන පළාත්  හතර සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට අයදුම්පත් කැඳවා තිබූ අතර ඒ සඳහා අයදුම්කරුවන් 30,000ක් පමණ ඉල්ලුම් කර තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

ඉල්ලුම්කරුවන් අයඳුම්පත් යොමු කිරීමේදී ඔවුන්ගෙන් විභාග ගාස්තු ලෙස රුපියල් 1000 බැඟින් අයකරගෙන තිබෙන අතර විභාගය නොපැවැත්වීමෙන් තමන් දැඩි අසාධාරණයකට ලක්වන බව ද විභාග අපෙක්ෂකයෝ කියති.

මේ අතර ගුරු තරග විභාගය නොපවත්වා දැන බඳවා ගෙන සිටින උපාධිකාරී අභ්‍යාසලාභීන් පිරිසක් ගුරු සේවයට අනුයුක්ත  කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දුවක් ගෙන ඇතැයි ද වාර්තා වෙයි